පළකල දිනය : Fri, Oct 12th, 2018

නගරාධිපති නිල වාහනය ලෙස කුණු ට‍්‍රැක්ටරය තෝරා ගනී !

වවුනියාව,නගර සභා නගරාධිපති ඊ.ගෞතම් මහතා නගර සභාවේ කසල ප්‍රවාහනය කරන ට්‍රැක්ටර් රථයේ නැගී වවුනියාව දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලයේ රැස්වීමකට සහභාගි වෙමින් විරොධතාවක නිරත විය.

නගරාධිපතිවරයා වෙත වාහනයක් නිකුත් නොකිරීම හේතුවෙන් විරෝධය පළ කරමින් නගරාධිපතිවරයා එලෙස නගර සභා කුණු ප්‍රවාහනය කරන ට්‍රැක්ටර් රථයේ නැගී දිසාපති කාර්යාල රැස්වීමට සහභාගී විය.

වව්නියාව නගරාධිපතිවරයා ට්‍රැක්ටරයේ පැමිණෙමින් පැවසුවේ තමන් නගර සභාවේ නගරාධිපතිවරයා වෙත පත්වි ඇතත්,තමන් වෙත නිකුත් කොට ඇති වාහනය අළුත්වැඩියාව වෙනුවෙන් යොමුකොට ඇති අතර මේ වන විට තමන්ට ගමන් කිරීමට තාවකාලික වාහනයක් ඉල්ලුවද නොලැබීම හේතුවෙන් තමන් ට්‍රැඅක්ටරයක නැගි දිසාපති කාර්යාලය වෙත ගමන් කළ බවටයි.

තමන් වෙත වාහනයක් ලබාදෙන තෙක් තමන්ගේ ඉදිරි රාජකාරි කටයුතු හා ගමන් කසල ට්‍රැක්ටරයේ නැගී සිදුකිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

  • 824
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button