පළකල දිනය : Sun, Oct 14th, 2018

“මට අවුරුදු එක හමාරකින් අවස්තාවක් දුන්නේ නෑ”

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර දෙවෙනි එක්දින තරගය ඊයේ (13) දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේදී පැවැත්වුනා.

මෙහිදි තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර එම නිසා තරගයේ ජය ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට එංගලන්ත කණ්ඩායමට පිරිනැමුනා.

මේ අතර එම තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ ලසිත් මාලිංග කඩුලු පහක් දවා ගැනීමට සමත් වුනා.

තරගයෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දැක්වූ මාලිංග කියා සිටියේ තමන්ට වසර එක හමාරකින් පමණ ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීමට අවස්තාව නොදුන් බවයි.

එම කාලය තුල පුහුණුකරුවෙකු යටතේ පුහුණුවීමට අවස්තාව ලැබුනේ නැති බවත් මාලිංග කියා සිටියා.

එම අවස්තාවේ වීඩියෝව පහතින්,

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button