පළකල දිනය : Thu, Oct 18th, 2018

“දික්කසාදයට කතා කරන්න ලෝයර්ගේ නම්බර් එක අතේ තියාගෙන අම්මට කෝල් කළා”

ආදරය කියන්නේ හැමෝගෙම ජීවිතේට අතවශ්‍ය දෙයක්. පොඩි කාලේ දෙමාපියන්ගේ ආදරය ඇතුලේ හැදිලා වැඩෙන මිනිස්සු තරුන වියට එළඹෙද්දි පිටස්තර පුද්ගලයෙක්ගෙන් ආදරය හොයන්න පෙළඹෙන එක සාමාන්‍ය දෙයක්. තරුණ අවධිය වෙනකොට තමන් හිත ගත්තු කෙනෙක් එක්ක ආදරෙන් බැදෙන්න, ආදරයෙන් ජීවිතේ බෙදා ගන්න හැහෝම කැමතියි.

ඒ වගේම තමයි ඊට පස්සේ තමන් ආදරේ කරන කෙනෙත් එකක් ඊට පස්සේ ජීවිතේ හදාගෙන පවුලක් විදිහට ඉස්සරහට යන්න තමයි හැමෝම කැමතිය. හැබැයි මිනිස්සු ආදරේට මෙච්චර කැමති උනත්, ඒ ගැන හීන දැක්කත් ආදරය ඇතුලෙදි ඇති වෙන යම් ප්‍රශ්න සමහර වෙලාවට කෙනෙක්ගේ ජීවිතය එපා කරන්න පුලුවන්.

ආදර සම්බන්ධ වලදි ඇතිවෙන පොඩි පොඩි ප්‍රශ්න වලට වඩා විවාහයක් ඇතුලෙදි මිනිස්සුන්ට මුහුණ දෙන්න වෙන ප්‍රශ්න සුළුපටු නෑ. නොගැලපීම්, එපාවීම් එකක් සමහර වෙලාවට කෙනෙක්ගේ ජීවිතේට බිදි වැටිලා ඔවුන් මානසිකවත් ලොකු පීඩනයකට පත්වෙන්න පුලුවන්.

අද කාලේ විවාහවෙනවට වඩා ඉක්මනින් දික්කසාද හොයන මට්ටමට මිනිස්සු පත්වෙලා තියෙන්නේ විවාහය ඇතුලේ තියෙන මේ වගේ ප්‍රශ්න නිසයි. ඉතිං ආදරේ ගැන හීන මවලා අන්තිමට ඒවා බිද වැටුනහම අන්තිමට සිද්ධ උන දෙයක් ගැන සත්‍යම කතාවක් තමයි මේ.

වයස 24 වෙනකොට මට හොද ජොබ් එකක්, කාර් එකක් විතරක් නෙමේ ඒ වෙද්දි හොද කොණ්ඩෙකුත් තිබුණා.. ඒත් එහෙම හැමදෙම තිබිලත් මම එක්ක මගේ කලින් පෙම්වතිය ලොකු කාලයක් හිටියේ නෑ. කෙල්ලන්ට මොනවා වෙලාද කියලා මට හිතුනේ අවුරුදු 24 වෙද්දිත් මම තනිකඩ උනහම. දැන් මම මොකක්ද කරන්නේ කියලා හිතද්දි මට මතක් උනා මගේ හැම ප්‍රශ්නෙටම උත්තර තියෙන දිව්‍යාංගනාව ගැන.

ඒ වෙන කවුරුත් නෙමේ මගේ අම්මා. ඉතිං මම අම්මා ළගට ගිහන් ඇහුවා ‘අම්මේ තාමත් මට ගැලපෙන ගෑණු ළමයෙක් හොයා ගන්න බැරි උනානේ කොහොමද මම බදින්නේ’ කියලා. පුතා බයවෙන්න එපා අපිට පුලුවන් පුතාට ගැලපෙන ගෑණු ලමයෙක් හොයන්න” කියපු අම්මා අම්මගේ ක්‍රියාන්විතය පටන් ගත්තා.
ටික දවසකින්ම අම්මා කෙල්ලෙක් හොයලා පළවෙනි හමුවීමටත් දින යොදා ගත්තා.

නිල් පාට ගවුමක් ඇදලා බොලිවුඩ් නිළියක් වගේ ලස්සන කෙල්ලෙක්. අලුත් යාළුකමක්. ටික දවසකින් අලුත් සම්බන්ධයක්. ජීවිතේ අලුතින් ආයේ සතුටක් එක්ක ගෙවුනා. මාත් ඉතිං මෙයත් එක්ක අත් අල්ලන් සතුටින් ඉතිරි ජීවිත කාලෙම ගෙවන්න තමයි හීන දැක්කේ. සති කීපයක් ගියාට පස්සේ අපි බැන්දා. ජුලි 04 ඇමරිකාවේ නිදහස් දවසේ මම මගේ නිදහස අහිමි කරගත්තා. හොද හනිමුන් එකකුත් ගියා.

බැඳලා ටික කාලයක් ගියහම එක එක ප්‍රශ්න මතුවෙන්න ගත්තා. දෙන්නගේ වෙනස්කම් මතුවෙන්න ගත්තා. එයා කැමති නිතරම එලියට යන්න. ඒත් මම කැමති නිතරම ගෙදර ඉන්න. එයා පීනන්න කැමති වෙද්දි මම පීනන්න බය උතා ගිලෙයි කියලා. එයා උයන්න ආසයි. ඒත් එයා උයන වෙලාවට මම අම්මගේ කෑම මතක් කරහම එයාට තරහා ගියා. “අනේ මට ඔයාගේ අම්මා විදිහට වෙන්න ඔනේ නෑ” එයා කිව්වා වගේම කවදාවත් වෙනස් උනේ නෑ. අපි රණ්ඩු වෙන්න ගත්තා. මම තර්ක කරා බැන්නා. කාව හරි ගැන මතක් කරලා ‘ඇයි උඹට ඒ වගේ වෙන්න බැරි’ කියලා ඇහුවා. එක ගෙදර හිටිය අපි නාදුනන දෙන්නෙක් උනා. හීන මවපු විදිහට ලස්සන සංගීතය අහන් අත් අල්ලන් ඉන්න හිතපු ජීවිතය වෙනුවට ගෙදර තිබුනේ නිහඬ බව විතරයි.

ජේන් කියලා මගේ යාළුවෙක් හිටියා මම අන්තිමට බැරිම තැන උගෙන් විසදුමක් ඇහුවා. ඌ ළඟදි ඩිවොස් වෙලා හිටියේ. ඌ තමයි මට උපදෙසක් ගන්න හොදම මිනිහා විදිහට පෙනුනේ. යකෝ ජීවිතය කෙටියි. ඒක විඳව විඳවා ඉන්න එපා. වෙන් වෙයන්. ජීවිතය විඳපන්.. මගේ යාළුවා මගේ කතාව අහපු ගමන් කිව්වේ එහෙම.
ඒත් මම ඌට කිව්වා, ‘නෑ මචං මට ඕනේ මේ ප්‍රශ්නය විසදගන්න’ මම කිව්වා. ‘හරි බං මගේ ලෝයර් උඹට මේක හදලා දෙයි ඉදපන් මම ලෝයර්ගේ නම්බර් එක දෙන්නම්’ මම ලෝයර්ගේ නම්බර් එක අරන් ඇවිත් ගත්තා කොල් එකක්. හැබැයි මම ගත්තේ මගේ අම්මට.

ඊළඟ දවසේ අම්මා අපි දෙන්නටම කතා කරා. ” කවදාවත් 100% ගැලපෙන සහකරුවෝ කාටවත් හම්බ වෙන්නේ නෑ. දෙන්නම කලින් ආදරේ කරානේ මල් සරාගේ ඊතලය වැදිලා. හිතන්න දුන්න ගැන. අන්න එතනයි ආදරේ තියේනනේ. දුනු දණ්ඩයි කම්බියයි අතරේ තියෙන බැඳීම ගැන හිතන්න.දුනු දණ්ඩ ඉස්සරහට අදින්න අදින්න කම්බිය නැවෙනවා ඉස්සරහට. අන්න ඒ විදිහට එක්කෙනෙක් අදිනකොට අනෙක් කෙනො නම්‍යශීලී වෙන්න ඕනේ.

කවුරු හරි ප්‍රමාණයට වඩා ඇද්දොත් සම්බන්ධතාවය කැඩෙන්න පුලුවන් දුන්න වගේම.උඹලට හැදෙන්න ඕනේනම් දෙපැත්තට අදින එක නවත්වලා නම්‍යශීලීත්වය හදා ගනිල්ලා. ” ඒ තමයි අම්මා මට දීපු අන්තිම උපදෙස. මේ මගේ දහනවවෙනි වෙඩින් ඇනිවසරි එක. ඔව් ඒ වයිෆ්ම තමයි. දැනටත් පොඩි පොඩ් රණ්ඩු වෙනවා. හැබැයි අත් අල්ලගෙන. එක්කෙනෙක් අදිද්දි අනෙකා නම්‍යශීලී වෙනවා. ඉතිං අදටත් අපි සතුටෙන්.

මේ 2017 Toast master international තරඟය ජයගත්තු මනෝජ් වාසුදේවන්ගේ කතාව

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button