පළකල දිනය : Wed, Oct 24th, 2018

අනුන්ගේ දේවල් හොයන්න එපා සතු­ටෙන් ඉන්න

අපි අපි වගේ ‘ටෙලි නාට්‍යයෙන් රංගනයට පිවිසි හර්ෂණ බෙත්මගේ නව පරපුරේ රංගන ශිල්පීන් අතර සිටින ජනප්‍රිය රංගන ශිල්පියෙක්. නවක රංගන ශිල්පීන් අතර නවතාවකින් රංගනයේ නියැළෙන ඔහු ආදර්ශවත් කලාකරුවෙක්. කලාවේ දිගු ගමනක් යන්න සැරසෙන හර්ෂණ මෙවර ‘හදට දැනෙන’ ප්‍රශ්න දහයට පිළිතුරු දුන් අයුරුයි මේ.

රංගන ශිල්පියකු වීම පුංචි කාලයේ සිට මැවූ සිහිනයක්ද ?

නැහැ. පුංචි කාලයේ සිට හීන මැව්වේ ව්‍යාපාරිකයෙක් වෙන්න ක්‍රිකටර් කෙනෙක් වන්නත් ආසාවක් තිබුණා එහෙත් රංගන ශිල්පියෙක් වූයේ අහම්බයෙන් පාසල් යන කාලෙ මුතුහර වැඩසටහනට සම්බන්ධවී සිටියා. නාට්‍යය කළා. පාසල් අධ්‍යාපනය අවසන් කළ පසු රට යන්න සූදානමින් සිටින විට එම ගමන කුමක් හෝ හේතුවක් නිසා මග හැරුණා. ඔය කාලයේ මගේ ඥාති වන අක්කා කෙනෙක් ‘අපි අපි වගේ’ ටෙලි නාට්‍යයට නවක රංගන ශිලපීන් බඳවා ගන්නවා කීවා එහි අධ්‍යක්ෂ රවීන්ද්‍ර විජේරත්න හමුවීමෙන් පසු තිර පරීක්ෂණයකින් පසුව මාව එහි චරිතයකට තෝරා ගත්තා. ඒ 2009 වසරේදි රංගන ශිල්පියෙක් වුණා කියා ව්‍යාපාරිකයෙක් වන හීනය අවසන්වුණෙත් නෑ. එම හීනයත් සැබෑකරමින් මේවන විට රංගනයට අමතරව ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා.

රංගන ශිල්පියකු වීම ගැන තෘප්තිමත්ද?

අතිශයින්ම තෘප්තිමත් මේ වෘත්තිය ලෙහෙසියෙන් කෙනකුට පිවිසිය හැකි වෘත්තියක් නෙවෙයි. ජනප්‍රියත්වය, සමාජ පිළිගැනීම, විවිධත්වය මෙන්ම විනෝදාත්මක වෘත්තියක් කලාවට ඇවිත් හරි මාර්ගයේ ගිය නැති අය කලාව විවේචනය කළත් මට කියන්න තියෙන්නේ කලාකරුවකු වෙන්න වාසනාවක් තිබිය යුතුමයි කියා දැන්නම් කලාව බිස්නස් එකක් වෙලා. ඒකට හේතුව බිස්නස්කරුවන් කලාවට පිවිසීම.

හර්ෂණ වඩාත් කැමැත්තෙන් කියවපු පොත මොකක්ද?

මම කියවපු පොත්වලින් මගේ සිත්ගත් පොත් දෙකක් තිබෙනවා එකක් මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ කාව්‍යය සංග්‍රහයක් වන ‘හිරුත් හිම පියල්ලක’ සහ ජයසේන ජයකොඩිගේ ‘අරලිය මල් ආරාමය’ පොත් පෙළ මම සාමාන්‍යයෙන් නිසඳැස් කියවන්න සහ ලියන්න කැමැතියි. ඒ වගේම ගැමි පරිසරය ගැන දැක්වෙන පොත් කියවන්න කැමැතියි අරලිය මල් ආරාමය පොත්වල ගැමි පරිසරය ගැන ගොඩක් සඳහන් වෙනවා. ඒ නිසයි ඒ‍පොත් මගේ සිත ගත්තේ නිවාඩුවක් ලැබෙන සෑම අවස්ථාවකම ගමක සුන්දරත්වය අත්විඳින්න යන පුරුද්දක් මට තිබෙනවා.

කැමැතිම සිනමා පටය..

‘අග්නි දාහය’ සහ ‘ බව දුක’ සිනමාපටවලට කැමැතියි ‘අග්නි දාහය’ මම බලපු චිත්‍රපට අතරින් සුවිශේෂියි එහි කමල් අද්දරාරච්චිගේ රඟපෑම් විශිෂ්ටයි ‘බව දුක’ සිනමා පටයත් හොඳ නිර්මාණයක්.

කැමැතිම රංගන ශිල්පියා ශිල්පිනිය ගායකයා සහ ගායිකාව..

මම කැමතියි කමල් අද්දරාරච්චිගේ රඟපෑම්වලට. ඔහුගේ රංගන විලාශය හැඩගැසී තිබෙන්නේ ඕනෑම චරිතයක් පහසුවෙන් කළහැකි අයුරින්. එය විටෙක කෙළිලොල් චරිතයක් ලෙසත් තවත් විටෙක ගැඹුරු චරිතයක් ලෙසත් අලංකාරව නිරූපණය කරනවා. ඒ වගේ තමයි ස්වර්ණා මල්ලවාරච්චි රංගන ශිල්පිනිය. ඇය හොඳ චරිතාංග නිළියක්. ඇයගේ රංගනය තාත්විකයි. කැමැතිම ගායකයා මර්වින් පෙරේරා. ඒ හඬ ඉතාම ලස්සනයි. ඔහු මොන ගීතය ගායනා කළත් හරිම හැඟුම්බරයි. නිරෝෂා විරාජනිය ගායිකාවන් අතරින් වඩාත් සිත් ගන්නේ ඇයගේ ගායන ශෛලියටත්, ගීත ගායනා කරන විටදී මුහුණේ ඉරියව්වෙන් පවා ගීතය සමග ජීවත්වනවා. ඒ නිසයි මම ඇයගේ ගීතවලට ප්‍රිය කරන්නේ.

තව කෙනෙකු කරනවට අකැමැති..

තමන් දෙයක් මහන්සියෙන් උපයාගන්නේ නැතිව අනුන්ගේ දේවල් කඩා වඩාගෙන ජීවත් වන මිනිසුන්ට කැමැති නැහැ. ඒ වගේම අනුන්ට ඊර්ෂ්‍යා කරමින් උදේ හිටන් අනෙකාට මොන උගුලක් අටවනවද කියමින් කල් ගෙවන මිනිසුන් සිටිනවා. මිනිසුන් එහෙම හැසිරෙනවට කැමැති නැහැ.

රංගන ශිල්පියකු ලෙස සමාජයට දෙන ආදර්ශය මොකක්ද..?

මට කියන්න තියෙන්නේ මැරෙනකල් සතුටෙන් ඉන්න අනුන්ගේ දේවල් හොයන්නේ නැතිව තමන්ගේ දෙයක් බලාගෙන සතුටෙන් ඉන්න කියන එක.

රටේ නායකයා වුණොත් පළමුව කරන්නේ..

මම මේ රටේ මොහොතකට හරි නායකයා වුණොත් මුළු රටේම සිස්ටම් එක වෙනස් කරනවා මේ රට පාලනය කරන්න වෙනත් රටකට ඉඩ දෙනවා. එවිට කිසිම කෙනෙකුට රටේ පාලනයට ඇඟිලි ගහන්න ඉඩ ලැබෙන්නේ නැහැ. කවුරු නායකයා වුවත් නායකකම ගත් විට කිසි දෙයක් කරන්නේ නෑ. ඒ නිසා අපේ රට වෙනත් රටක් පාලනය කරනවා නම් හොඳයි.

වැඩිපුරම සංචාරය කරන්න කැමැති….

සංචාරය කරන්න කැමැතියි ඇමරිකාවේ. ඒකට හේතුව ලෝකයේ සංවර්ධිතම රට වීමත් එම රටවල පුද්ගලයෙකුට තියෙන වටිනාකම, සහ ගරුත්වය. අපේ රටේ මිනිසකුට එම වටිනාකම ලැබෙන්නේ නෑ. ඉස්සර ලංකාවේ ජීවත් වුණේ ඉතාම කැමැත්තෙන්. එහෙත් දැන්නම් රටදාලා යන්න හිතිලා තියෙන්නේ.

වැරැදුණු තැන්වලදී ළඟින්ම සිටියේ..

වෙන කවුරුත් නෙවෙයි දෙමවුපියන් සහ සහෝදරයන් අනෙක් සියලු දෙනාම මම හිතන්නෙ නෑ වැරැදුණහම ඉඳියි කියා බිරිය වුණත් ඉන්න එකක් නෑ ඉඳියි ඒත් අම්ම තාත්ත ඉන්න හැඟීමෙන් ඉන්න එකක් නෑ.

මුලාශ්‍ර – රසඳුන

  • 3.5K
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button