පළකල දිනය : Fri, Oct 26th, 2018

කලකට පසු බුධ ගුරු සංග‍්‍රාමයක් ඔබේ ලග්නයට ප‍්‍රතිඵල මෙන්න

ඔක්තෝබර් මස 29 වන සඳු දින සවස 4.34 ට පමණ බුධ හා ගුරු අතර ග‍්‍රහ යුද්ධයක් සිදුවන අතර මෙහිදී බුධ පරදා ගුරු ජයගන්නේය. පසුගිය ඔක්තෝබර් 11 වන දින ගුරු හෙවත් බ‍්‍රහස්පති වෘශ්චික රාශියට පිවිසි අතර මෙම ග‍්‍රහ යුද්ධයෙන් එම ගුරු ජය ගැනීමත් සමගින් ගුරුගේ බලය සුබවාදී වනු ඇත. දැනට අප ගත කරමින් සිටින 2018 වර්ෂය පිළිබඳ අවධානය යොමු කළ විට මෙම වර්ෂය අතිශයින් තීරණාත්මක වසරකි. ඒ අතරින් ද මෙම ඔක්තෝබර් මාසය තුළ අහස් සිතියම තුළ සුවිශේෂි මෙන්ම අති විශේෂ සංසිද්ධීන් රැුසක් සිදුවීමට නියමිතය. විශේෂයෙන් ජ්‍යොතිෂානුකූලව ග‍්‍රහ යුද්ධ පිළිබඳ සලකා බැලීමේදී මෙම වර්ෂය පුරාවට ග‍්‍රහ යුද්ධ 15 පමණ සිදුවීමට නියමිත අතර ඒ අතරින් මේ වන විට ආකාශ චිත‍්‍රය තුළ ග‍්‍රහ යුද්ධයන් 12 ක් පමණ සිදුවී හමාරය. පසුගිය මාස 9 පුරාවට සිදු වූ එම ග‍්‍රහ යුද්ධ 12 හේතුකොට ගෙන ලෝකයේ මෙන්ම අප ජන ජීවිතයට සිදු වූ බලපෑම නම් අති විශාලය. පසුගිය මාස 9 පුරාවට සිදු වූ කාලගුණ විපර්යාස මෙන්ම පුද්ගල ජීවිත අරභයා වූ අසුබ ක‍්‍රියාවලිය තුළින් අපට එම කාරණය මැනවින් අවබෝධ කර ගත හැකිය.

යම් ග‍්‍රහයින් දෙදෙනකු එකම රාශියක එකම අංශකයක් තුළ ගෝචර වශයෙන් ගමන් කරන විට එම එක් ග‍්‍රහයකුගේ කිරණ වළල්ලට අනෙක් ග‍්‍රහයා ආවරණය වීම අප ජ්‍යොතිෂයේදී සරලව ග‍්‍රහ යුද්ධයක් ලෙස හඳුන්වනු ලබනවා. මෙහිදී ජයග‍්‍රහණය හිමි වන්නේ යුධ වදින ග‍්‍රහයින් දෙදෙනාගෙන් උතුරින් සිටින ග‍්‍රහයාටය. මෙම සංසිද්ධියෙන් පරාජයට පත්වන ග‍්‍රහයා අසුබ කිරණ විහිදු වන සුබ බලයෙන් ඉතාමත් අඩු දුර්වල ග‍්‍රහයෙකු ලෙස ජ්‍යොතිෂයේදී සලකනු ලබනවා.

ඉදිරි 2018 වර්ෂයේ අවසානය දක්වා වූ කාලය තුළ අප රටට පමණක් නොව මුළු මහත් ලෝකයටම යම් පීඩාකාරී හා කරදරකාරී කාලයකට මුහුණ දීමට සිදුවනු ඇත. ස්වාභාවික විපත් බහුලවම සිදු වන කාලයකි. ගංවතුර, නායයෑම්, භූමිකම්පා, සුළි සුළං තත්ත්ව, මුහුදු විපත්, හදිසි අනතුරු කැපී පෙනෙන ලෙස වර්ධනය වන කාලයකි. රහස්‍ය කටයුතු බහුලව සිදුවන කාලයකි. ජනතාවගේ මානසික සෞම්‍යතාවය බිඳ වැටීම හේතුවෙන් ජනතාව අතර නොයෙක් වසංගත රෝග හා නොසන්සුන්තා ඇති වනු ඇත. විශේෂයෙන් පරිපාලන ක්ෂේත‍්‍රයේ හා අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ ගැටලූ හා ප‍්‍රශ්න බහුල වන කාලයකි. උසස් ප‍්‍රභූන්ට මෙන්ම කුඩා දරුවන්ට මෙන්ම කාන්තාවන්ට අපලදායකය. විශේෂයෙන්ම අප රටේ ගව සම්පතට අපල දායක වනු ඇත. පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නොයෙක් ගැටලූ හා කරදර ඇති වනු ඇත. දේශපාලන ලෝකය තුළ නොසිතූ නොපැතූ හැලහැප්පීම් ඇතිවේ. උද්ඝෝෂණ, උපවාස වැඩ වර්ජන ඇතිවන කාලසීමාවකි. රට තුළ සිදුවන මංකොල්ල හා මිනීමැරුම් හා දුරාචාර ඉහළ යන අතර ඒවාට නීතිය ක‍්‍රියාත්මක වනු ඇත. රථවාහන අනතුරුවල කැපීපෙනෙන වැඩිවීමක් සිදුවනු ඇත. ආහාරපාන වල මිල ඉහළ යනු ඇත. සිනමා නිර්මාණ හා කලාකරුවන් ජාත්‍යන්තර සම්මානයට ලක්වන කාලයකි. එසේම අප රටට විදේශ රටවල සහාය හිමි වනු ඇත.

බුධ, මහ දශා හා අතුරු දශා, විදශා ගත කරන අය පරිස්සම් විය යුතුය. ලග්න වශයෙන් ගත් කල මේෂ, සිංහ, වෘශ්චික, ධනු, මීන යන ලග්න වලට යම් පමණක සුබ ප‍්‍රතිඵලත් වෘෂභ, මිථුන, කටක, කන්‍යා, තුලා, මකර කුම්භ යන ලග්න වලට අසුබ ඵලත් ඇති වනු ඇත. මෙම ග‍්‍රහ අපල සඳහා බදාදා, ශනිදා, දිනවල බෝධි පූජා පැවැත්වීමත්, විෂ්ණු දෙවියන්ට පින් අනුමෝදන් කිරීමත් යහපත් වනු ඇත. එසේම ධර්මානුකූලව ජීවත් වීම ඉතාම යහපත් වනු ඇත.

මේෂ –

මේෂ ලග්න හිමි ඔබට රැුකී රක්ෂා කටයුතු හා ඔබගේ ආදායම් මාර්ග සාර්ථක කර ගැනීමට අවස්ථාව උදා වනු ඇත. අලූතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමට ද මෙම කාලය සුබයි. දරුවන්ගේ ප‍්‍රශ්න හා ඒ සම්බන්ධ කටයුතු වල දී යම් යම් අර්බුදකාරී තත්ත්ව ඇති වනු ඇත. තරග විභාගවලින් ජය හිමිවන කාලයකි. නඩු හබවලින් ජය ගත හැකිය පපුවේ සෙම් අමාරු හා ලේ සම්බන්ධ රෝගාබාධ ඇතිවිය හැකිය. මංගල කටයුතු සඳහා මෙම කාල සීමාව යම් පමණක යහපත් කාලයකිx බලාපොරොත්තු වූ කාරණයක් ඉටු වනු ඇත. රවි, ගුරු හා ශනි යන මහ දශා හෝ අතුරු දශා ගත කරන අයට මෙම මාසය යහපත් අතර අන් අයට එතරම් යහපත් නොවනු ඇත

වෘෂභ –

ග‍්‍රහ බල අනුව මධ්‍යස්ථ සුබ ඵල උදා කරනු ඇත. ඈත පළාත්වලට යෑමට සිදු වන අතර නිකරුණේ ගමන් බිමන් ද යෙදෙනු ඇත. විවිධාකාරයේ නරක චෝදනා එල්ල විය හැකිය. ගුණ ධර්ම හීන වන කාලයකි. මෙම කාලයේ නෑයෙක් හෝ හිතවතුන් සමග අමනාප වීමට ඉඩ ඇත. නමුත් ඔබ කාලයක් බලා සිටි එසේම බලාපොරොත්තු වූ ණයක් ලැබෙයි. කාර්ය බහුල කාලයකි. සහෝදරයින්ට අසුභ වෙයි. කෙටි ගමන් බිමන් නම් අධික වේවි. විමසිලිමත් වීම වැදගත්. අනතුරුවලට ලක්විය හැකියිි . රැුකී රක්ෂා හා රාජකාරි කටයුතුවලදී බාධා එල්ල විය හැකි බැවින් අවධානයෙන් සිටීම යහපත් වනු ඇත.

මිථුන –

අධ්‍යාපනයේ යෙදෙන මෙම ලග්න හිමි ඔබට යහපත් හා සුබදායක වනු ඇත. දේපල සම්බන්ධයෙන් ධන හානි ඇතිවන කාලයකි. මුහුණේ රෝගාබාධ ඇති වනු ඇත. අලූතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලය අසුබයි. කෙසේ වෙතත් බලා සිටි විදේශ ගමන්වලට එක්විය නොහැකිය. යම් පමණක පවුල් ජීවිතය තුළ ගැටුම් ඇති වන අතර, තම සහකාරියගෙන් හෝ සහකරුගෙන් ධනය ලැබීමට ද හැකිය. නමුත් එයින් ප‍්‍රබල ගැටලූ මතුවනු ඇත. සෞඛ්‍ය තත්ත්වය යහපත්ය. ගුරු හා චන්ද්‍ර මහ දශා හෝ අතුරු දශා ගත කරන අයට ද යහපත් වනු ඇත.

කටක –

කටක ලග්නය හිමි ඔබට මෙම කාලය ධනය අතින් නම් යහපත් නොවනු ඇත. ඔබගේ පවුලේ හෝ හිතවතකුට ඇතිවන අසනීප තත්ත්වයන් නිසා ඔබට බොහෝ කාලය ශ‍්‍රමය, ධනය ඒ වෙනුවෙන් ගත කිරීමට සිදුවනු ඇත. පසුගිය දින වල පැවති බාධා යම් පමණකට ඉවත් වෙයි. රැුකියාවල නිරත අයට තනතුරු ලාභ ලැබෙයි. උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වන අතර අලූතින් අරඹන කටයුුතු නම් මේ කාලයේ අසාර්ථක වේ. එසේම මේ කාලසීමාව තුළ ශරීර සෞඛ්‍ය පිරිහීමට හැකියාව පවතිනවා. සිතේ ඇතිවන මානසික අසහනය වැඩි වෙයි. දරුවන්ගේ දියුණුවට කටයුතු යෙදේ.

සිංහ ලග්නය –

හදිසි ගමන් බිමන් යෑමට නිතර අවස්ථාව සැලසෙන අතර අතර වන්දනා ගමන් හා දුර ගමන් ද යෙදීමට ඉඩ ඇත. එසේම ඔබ මෙම කාලයේ නොබියව ඉදිරියට යන කාල සීමාවකි ඔබට මෙම කාලය මිශ‍්‍රඵල දායක වෙයි. තනතුරු ලාභ හා උසස්වීම් හිමිය. ගෘහ ජීවිතය මධ්‍යස්ථව ගත වේ. වෙනදාට වඩා වෙහෙස වී වැඩකිරීමට සිදුවේ. බිරිඳ හෝ සැමියා නිසා ධනයක් හිමිවීමට හැකිය. ආගම දහමට සිත යොමුවේ. ලොතරැයි ජය ලැබීමේ වාසනාවත් හිමියි. විවිධාකාරයේ ගිවිසුම්වලට එළඹීමේ අවස්ථාව ද මෙම කාල සීමාව තුළ උදා වනු ඇත. අධ්‍යාපනය ලබන දරුවනට යහපත් වේ.

කන්‍යා –

මෙතෙක් කාලයක් අඩාලව පැවති යම් යම් කාරණා ඉටු වන කාලයකි. නමුත් විවාහ බාධා ඇතිවීමට ඉඩ ඇත. සහෝදරයෙකුට අපලතාවක් පෙනේ. ලැබීම් අඩාල වන කාලයකි. දේශපාලනයේ නිරත අයට සුබදායක වනු ඇත. ඔබගේ ජනප‍්‍රියතාව ඉහළ යන කාලයකි විදේශ ගත වීමට බලාපොරොත්තු වන ඔබට මෙම කාලය යහපත් හා සුබදායක වනු ඇත. ඉගෙනීමේ නිරත දරුවන්ට යහපත් කාලයකි. පාදවල අසනීප තත්ත්වයන් ඇති විය හැකිය.

තුලා –

සතුරු කරදරයකින් ජය ගත හැකිය. බලාපොරොත්තු වූ ණය මුදලක් ලැබීමට හැකිය. මුත‍්‍රා අමාරු හෝ සෙම් රෝග ඇති වීමට ඉඩ ඇත. ඔබට මෙම කාලය මිශ‍්‍රඵල දායක වේ. අසනීපවලින් යම් සුවයක් අත්වේ. ගෘහ ජීවිතය තුළ වැය පක්ෂය ඉහළ යනු ඇත. එදිනෙදා කටයුතුවලදී යම් ආවේගශීලි තත්ත්වයක් දක්නට ලැබේ. උසස් කෙනෙකු හෝ අසල්වාසීන් සමග අමනාප වීමට ඉඩ ඇත. දරුවන්ගේ කටයුතු වර්ධනය වන අතර රැුකියාවේ ඉදිරි ගමනට යම් යම් බාධා ඇති විය හැකිය. සමාජයේ පිළිගැනීම නැතිවන අතර ඔබට අසල්වැසියන් ගෙන් හා යහළුවන්ගෙන් නම් පොඩි පොඩි බාධා ද ඇති විය හැකියි. සිතේ ඇතිවන මානසික අසහනය වැඩි වෙයි.

වෘශ්චික –

හදිසි ගමන් බිමන් යෑමට නිතර අවස්ථාව සැලසෙන අතර අතර වන්දනා ගමන් හා දුර ගමන් ද යෙදීමට ඉඩ ඇත. ඇස්වහ කටවහ දෝෂ හටගැනීමේ ප‍්‍රවණතාවයක් ඇත. දරු සම්පත් බලාපොරොත්තු ඔබට යහපත් වනු ඇත. නමුත් රෙදි පිළි හා වස්තු ලාබ නොලැබෙන කාලයකි. ශරීරයේ අලංකාරයට අවශ්‍ය දේ මිලදී ගැනීමට අවස්ථාව නොලැබෙන අතර මෙම කාලයේදී ප‍්‍රනීත රසමුසු ආහාරද එතරම් නොලැබීමේ හැකියාව පවතී. නමුත් ඔබට ලොතරැුයි වාසනාව හිමිය ගෘහ ජීවීතය තුළ වැය පක්ෂය ඉහළ යනු ඇත. දරුවන්ට යහපත් වේ.

ධනු –

අධ්‍යාපනයට බාධා එල්ල වන කාලයකි. ඇස් රෝග හා මුත‍්‍රා අමාරු ඇති විය හැකිය. මේ කාලයේදී තම ශරීර සෞඛ්‍ය ගැන විමසිලිමත් වීම වැදගත්. විශේෂයෙන් අහුවෙන්නේ නැති ලෙඩ හැදෙන්න පුළුවන්. ඒ නිසා සුබ වගේම අසුබ ඵලත් ලැබෙනවා. මේ කාලසීමාව තුළ ශරීර සෞඛ්‍ය පිරිහීමට හැකියාව පවතිනවා. නමුත් ආදායම් තත්ත්වය යම් ප‍්‍රමාණයකට වර්ධනය වේවි. සමාජ සේවා පොදු කටයුතු වලින් ගෞරවය හා පිළිගැනීම ඔබට ලැබේවි. පරම්පරාගත දේපළ වාසි හිමිවේ.

මකර –

සේවක ගැටලූ හා ගෘහ නිර්මාණයකට සම්බන්ධව ගැටලූ පැන නැගීමට හැකිය වා පිත් සම්බන්ධ රෝගාබාධ හට ගැනීමට අවස්ථා ඇත. ස්වයං රැුකියාවල නිරත වන්නන්ට සුබ දායකය. රෝගවලට හරියට ප‍්‍රතිකාර නොගත්තොත් ඒවායේ සුවය ප‍්‍රමාද වනු ඇත. ගෘහ ජීවිතය සතුටුදායකය. රැුකියාවේ උසස් වීම් වගේම වෙනස්වීම්ද බලාපොරොත්තු විය හැකිය. නීතියට එරෙහිව කටයුතු කිරීම නිසා මුදල් හෝ රැුකියාවේ පාඩු සිදු විය හැකිය. දරු සම්පත් බලාපොරොත්තු ඔබට යහපත් වනු ඇත.

කුම්භ –

ඔබට මෙම කාලය මිශ‍්‍ර ඵලදායක වෙයි. ධනය අතින් යහපත්ය. උසස් අධ්‍යාපන අවස්ථා උදාවේ. ව්‍යාපාර අංශවලට සුභදායක වේ. රැකියා අංශ තුළ කලකිරීම් ඇති වන අතර හදිසි වෙනස්වීම්වලට හේතු වේ. සෞඛ්‍ය අතින් දණහිස සම්බන්ධ ආබාධ ඇති විය හැකිය. ගේ දොර කටයුතු සම්බන්ධයෙන් දැඩි කැපකිරීම් කළ යුතු වෙයි. රැකියාවේ උසස් වීම් බලාපොරොත්තු විය හැකිය. පවුල් ජීවිතය යහපත් වන අතර ආදායම් තත්ත්වය ඉහළ යනු ඇත. අලූතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලයේදී සිත යොමු වේ.

මීන –

ග‍්‍රහ චාරය අනුව මීන ලග්න ඔබට රැුකියා ස්ථානයෙන් මාරුවක් හිමි වීමට ඉඩ ඇත. විනෝදය හා සතුට සඳහා යොමු වන කාලයකි. පවුල් ජීවිතය හා මිතුරු සමාජය තුළ බාධාකාරී තත්ත්ව ඇති විය හැකිය. ව්‍යාපාරවලින් මහන්සියේ තරමට ප‍්‍රතිඵල නැති විය හැකිය. ඥාතීන් සමග මතබේදවලට හේතු වනු ඇත. පිරිමි දරු ලාභ ඇතිවන අතර යම් යම් අංශවලින් සාමාන්‍ය සුබයි. ඔබගේ අධ්‍යාපනයට ඉතාම හොඳයි. ඒ වගේම රැුකියා ස්ථානයෙන් උසස් වීමක් ද හිමි වීමට ඉඩ තියනවා. ආගමට දහමට නැඹුරු වන කාලයකි. වනිතා ඔබට මංගල සීනු හැඩවෙනු ඇත.

සැ. යු.

ඉහත සඳහන් පලාපල තත්ත්වයන් ඔබේ ජන්ම පත‍්‍රයේ ග‍්‍රහ පිහිටීම් ගත වන මහ දශා හා අතුරු දශා, ග‍්‍රහයන් උත්පත්තියේදී පිහිටි නැකැත් හා 22 දෙර්කාණාධිපත 64 නවාංශකාධිපතිගේ තත්ත්වයන් හා විවිධ ග‍්‍රහ දෘෂ්ටි මත යම් පමණක අඩු වැඩි වීම් සිදුවිය හැකිය.

ජ්‍යොතිෂවේදී බණ්ඩාරගම සම්පත් එස්. කල්පගේ

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button