පළකල දිනය : Mon, Oct 29th, 2018

හිටපු ඇමති අර්ජුනගේ ආරක්ෂකයන්ගේ නිසා අවසන් ගමන් ගිය රංගන !

ඛනිජ තෙල් සංස්ථා පරිශ්‍රය තුල ඊයේ සිදුවූ වෙඩි තැබීමකින් තෙල් සංස්ථාවේ සේවකයෙකු අවාසනාවන්ත ලෙස මියැදුනා.

හිටපු අමාත්‍ය අමාත්‍ය අර්ජුන රණතුංගගේ ආරක්ෂකයින් විසින් සිදු කළ වෙඩි තැබීමකිනුයි ඔහු එලෙස අවාසනාවන්ත ඉරණමට මුහුණ දුන්නේ.

අවාසනාවන්ත ලෙස එම වෙඩි තැබීමෙන් අවසන්ගමන් ගියේ වසර 10 ක කාලයක් ඛනිජ තේල සංස්ථාවේ සේවය කළ මහනුවර ගෙලිඔය ප්‍රදේශයේ පදිංචිව සිටි රංගන පුෂ්පකුමාර රාජපක්ෂ නමැති පුද්ගලයෙක්.

මේ ම ඉරණමට මුහුණදෙන විට ඔහු 34 හැවිරිදි වියේ පසුවූ අතර රංගන එක්දරු පියෙක්.

රංගනගේ මේ අවාසනාවන්ත සිදුවීමට එරෙහිව තෙල් සංස්ථාවේ සේවකයන් මේ වනවිටත් වැඩවර්ජනයක නිරත වනවා.

මෙයට වගකිව යුත්තන් ඉක්මනින්ම පොලිස් අත්අඩංගුවට ගතයුතු බවයි ඔවුන් පවසන්නේ.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button