පළකල දිනය : Wed, Oct 31st, 2018

හෙට සිට ත්‍රීරෝද රථ ගාස්තුව අඩු වෙන හැටි මෙන්න !

ඉන්ධන මිල සූත්‍රය අහෝසි කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කිරීමත් සමග එයට සමගාමීව බොහෝ භාණ්ඩ හා සේවාවන්හි මිල අඩු වීමට නියමිත බව වාර්තා වෙනවා.

මේ අනුව ත්‍රීරෝද රථ ගාස්තුද හෙට සිට (1) අඩු වීමට නියමිත බව සදහන්.

මේ අනුව මිල සූත්‍රය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ තීරණයක් ගන්නා බව ප්‍රකාශ කිරීමත් සමග හෙට සිට ත්‍රී රෝද රථ ගාස්තු සංශෝධනය කරන බව ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රිරෝද රථ සම්මේලනය පවසනවා.

එහි සභාපති සුනිල් ජයවර්ධන කියා සිටියේ දෙවන කිලෝමීටරයේ සිට සෑම කිලෝමීටරයකින්ම අය කෙරෙන ගාස්තුව රුපියල් 05 කින් අඩු කරන බවයි.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button