පළකල දිනය : Sat, Nov 3rd, 2018

මහින්දගෙ රනිල්ගෙ ග්‍රහචාරෙ ඉදිරියට කොහොමද ?

මහින්දට ඉදිරිය තවත් හොඳයි ‍ජ්‍යොතිෂවේදී – සරත්චන්ද්‍ර බෝතලාගේ

පසුගිය 26 වන සිකුරාදා දින මහින්ද රාජපක්ෂ මහතා නැවතත් අප රටේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමත් සමග දේශපාලනය උඩු යටිකුරු වූයේ කිසිවකුටවත් සිතාගත නොහැකි ආකාරයටයි. රනිල් වික්‍රමසිංහ මහතාගේ සියලු වරප්‍රසාද තනතුරු එක් නිමේශයකින් දෙදරා ගියේ පෙර ආත්මයේ කර්මයක් පලදීමෙනි. ‍ජ්‍යොතිෂයට අනුව කෙනකුට සුබ අශුභ කාල වරින් වර ලබයි. ඕනෑම අයකුට ඒරාෂ්ඨක අපල කාලයක් ලැබූ විට සියල්ල විනාශකර දැමීම සෙනසුරුගේ ස්වභාවයයි. ඇතැම් අය මේවා විශ්වාස නොකරමින් කටයුතු කිරීම නිසා පාඩම් ඉගෙනගත් අවස්ථා අපි අනන්තවත් දැක ඇත්තෙමු. රනිල් වික්‍රමසිංහ මහතාට ද සිදුවූයේ එවැනිම සිදුවීමකි. අශ්වයා ගියාට පසුව ඉස්තාලය වසා පලක් නැත. ඒරාෂ්ඨක අපල ලබනවිටදීම අදාළ ප්‍රතිකර්ම කර ගත යුතුය.

2018 වර්ෂය තුළ දී මහින්ද රාජපක්ෂ මහතා නැවතත් රජ වන බවට අනාවැකිය මම ප්‍රකාශ කළේ 2017.12.31 ඉරිදා දිනයි. නැවතත් රනිල් මහතා සහ මෛත්‍රිපාල ජනාධිපතිතුමාගේ සම්මුතිය 2018 වර්ෂය තුළ බිඳවැටෙන බවට අනාවැකිය 2017.12.10 ඉරිදා දින මම මාධ්‍ය තුළින් ප්‍රකාශ කළෙමි. පසුගිය කාලය පුරා මහින්ද රාජපක්ෂ මහතාට චන්ද්‍ර අෂ්ඨම ඒරාෂ්ඨකය ගත විනි. සෙනසුරු ධනු රාශිගතවීමත් සමගම ඒරාෂ්ඨක අපල නිමා වී ආත්මකාරක ගුරු මහ දශාව තුළ සිකුරුගේ අතුරුදශාව ආරම්භ විනි. සිකුරු උපතේදී දෙවැන්න වන ධනස්ථානය තුළ බලවත්ව පිහිටා ඇත. වර්තමානය තුළ ද එතැනම ගෝචරවෙයි.

ලෞකික ඉෂ්ඨපලවලට කාරකත්වය දරන්නේ සිකුරුයි. එතුමන් දේශපාලන ක්ෂේත්‍රය තුළ වැජඹෙන කාලය නැවතත් උදාවී ඇත. එය කිසිවකුට වැළැක්විය නොහැක. මෛත්‍රිපාල මහතාද තුලා ලග්නයයි. එතුමන්ට හරි වැරැද්ද අවබෝධ වී නිර්භීත නිවැරදි තීරණයක් ගත්තේ ගුරු වෘශ්චික රාශිගත වීමත් සමගයි. මෛත්‍රිපාල මහතා සහ මහින්ද මහතා අතර සමගිය තව තවත් වර්ධනය වෙමින් රටේ දියුණුව කරා ගමන් කරයි.

මීන ලග්න හිමි රනිල් මහතාගේ අටවැන්න තුලා රාශියයි. මෛත්‍රිපාල මහතාද තුලා ලග්නයයි. මීන සහ තුලා ලග්නවලට ගුරු සහ සිකුරු ලග්න අධිපතිවෙයි. ගුරුට සිකුරු සදා වෛර ග්‍රහයෙකි. දෙදෙනා අතර සමගිය බිඳීයාමට මෙම ග්‍රහ පිහිටීමද හේතුවකි. එපමණක් නොව සරත් ෆොන්සේකා මහතාත් දේශපාලනයෙන් සමුගන්නේ රනිල් මහතා සමග අමනාප වෙලයි. රනිල් වික්‍රමසිංහ මහතාට ජංම ඒරාෂ්ඨක අපලය තව අවු. 6ක් ඉදිරියට ඇත. ඉන් පසුව ලග්න ඒරාෂ්ඨකය ලබයි. ගතවෙන්නේ ඉතාම නරක කාලයයි. පක්ෂනායකත්වයද අහිමිවෙයි. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් මහතාට හිමිවනු ඇත.

රනිල් ගෙවන්නෙ සෙනසුරු මහ දශාව‍ ජ්‍යොතිෂවේදී – සම්පත් වීරසිංහ

රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ වන විට සෙනසුරු මහා දසාවේ අවසාන කොටස ගෙවමින් සිටියි. ජන්ම පත්‍රයේ සෙනසුරු හයවැන්නේ තැන්පත් වීමත්, ශනිගේ ගෝචරය සමග ක්‍රියාත්මක ජන්ම ඒරාෂ්ටකය ද වක්‍රාකාරයෙන් පෙර වූ අකුසල බලය ක්‍රියාත්මක කරනු ඇති. නෙක ග්‍රහගෝචරයන් ද සලකා බලන කල මෙකී තත්ත්වය ඉදිරියට ද උග්‍රවනවා විනා අඩුවීමක් නොපෙන්වයි. අපහාස උපහාස මෙන්ම සතුරු බලවේග ද ඉතා තදින් ක්‍රියාත්මක වනවා මෙන්ම සියලු ක්‍රියා මෙන්ම වර්ගෝත්තම බලය විටින් විට වාසනාව දෙනු ලැබුවද හිස සම්බන්ධ වේදනාකාරී කාලාන්තර රෝගීභාව ලකුණකි. සිංහාසන යෝගය අබිබවා මුල් ස්ථාන නැති කිරීමකි. මෙලෙස වන අගතිගාමී තත්ත්වයන් 2020 දක්වාම විටින් විට ක්‍රියාත්මක වනුයේ ලග්නගත රවි තනි මතයන් ක්‍රියාත්මක කිරීමට පෙළඹෙන බැවිනි.

කන්‍යා ලග්නය හිමි මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පසුගිය වකවානුවේ පැවති චන්ද්‍ර අෂ්ටම ඒරාෂ්ටක තත්ත්වය ද පහව ගොස් තිබේ. මෙතුමාගේ උත්පත්ති කේන්ද්‍රයේ සඳුගෙන් 6,7,8, නිසඟ සුබයන් යෙදී චන්ද්‍ර අධියෝගය දැනට පවතින ග්‍රහගෝචරයන් තවත් උද්දීපනය කරන බැවින් ඉදිරියේදී සුබවාදී ලකුණු පෙන්වයි. එමගින් සමාජීය, දේශපාලනික හා ආර්ථික වශයෙන් වර්ධනීය තත්ත්වයක් ඇති කරනු ලබයි.

රැවටිලිවලට ලක්වීමද නොපෙනෙන සතුරු බලවේගයන් හා ගුප්ත ක්‍රියාවන් ද ක්‍රියාත්මක වීම 2019 පෙබරවාරි මස දක්වා පවතියි. තවද කුජ 11 වැන්නේ තැන්පත් වීම ද විශේෂිත වන අතර කන්‍යා ලග්න හිමි බිල්ක්ලින්ටන්මෙන් සඳු 8 වැන්නේද, ප්‍රථම විධායක ජනාධිපතිවරයා වූ ජේ.ආර්. ජයවර්ධන මහතාගේ මෙන් කන්‍යා ලග්නය සිකුරු දෙවැන්නේ බලවත්වීම ද තම නුවණ මෙහෙයවා ඉවසීමෙන් විශිෂ්ට ප්‍රතිඵල වෙත හඹා යාම පෙන්නුම් කරන බවට ඉඟි කරන්නකි.

සමස්තයක් ලෙස බැලූ කල මහින්ද රාජපක්ෂ මහතාගේ ඉදිරි ග්‍රහ ගෝචරය සුබ තත්ත්වයක පවතින බව කිව හැකිය.

රට හරි මඟක යනවා ජ්‍යොතිෂවේදී – සම්පත් එස්. කල්පගේ

ගුරුගේ හා සෙනසුරුගේ මේ ග‍්‍රහ ගමන නිසා ලෝකයේ වගේම ලංකාවේත් විවිධ වූ වෙනස්කම් නැතිනම් කැපී පෙනෙන සිදුවීම් රැුසක් ඇති විය. මෙම ගුරු ග‍්‍රහ මාරුව හා සෙනසුරුගේ ග‍්‍රහ ගමන අපේ රටේ දේශපාලන හා ආර්ථීක අංශ කෙරෙහි සෘජුවම බලපෑමක් එල්ල කළේය. විශේෂයෙන් කුම්භ ලග්න ලංකා කේන්ද්‍රයට අනුව පාලකයා ගැන කියවෙන 10 වැන්නට හෙවත් වෘශ්චික රාශියට ගුරු පැමිණීම රටේ පාලක පක්ෂ කෙරෙහි යම් ආකාරයකට වෙනසක් කෙරෙහි බලපානු ඇත.

අතීතයේ සිටම ගුරු හා ශනි මාරුවීම් රාජ්‍ය පෙරළි ඇති කිරීමට බලපා ඇති අන්දම අපට 1947. 09. 17 සිදු වූ ගුරු මාරුවත් සමගින් 1948. 02. 04 ශී‍්‍ර ලංකාවට නිදහස උදා වීම, 1951.03.23 ගුරු මාරුව සමගින් ඩඞ්ලි සේනානායක මහතා අගමැති වීම, මෙන්ම ඉන්පසු 1956, 1960, 1965, 1969, 1977, 1988, 1994, 2001, 2005, 2014 යන වර්ෂවල සිදු වූ ගුරු මාරු හා 1946, 1950, 1955, 1958, 1964, 1969, 1975, 1987, 1993, 2001, 2005, 2014, යන වර්ෂවල සිදු වූ ශනි මාරු පිළිබඳ විමසා බැලීමේදී අපට නිගමනය කළ හැක්කේ ඒ සෑම අවස්ථාවකදීම මෙරට තුළ දේශපාලන බල පෙරළියක් සිදු වී ඇති බවයි. 2014. 06. 20 ගුරු කටකයටත්, 2014. 11. 02 දින ශනි වෘශ්චිකයටත් පැමිණ මාස කිහිපයක් තුළ එනම් 2015 ජනවාරි 08 මෙරට දේශපාලන බල පෙරළියක් සිදුවීම ආසන්නම උදාහරණයයි.

ඒ අනුව මෙවරද 2017. 10. 26 දින ශනි ග‍්‍රහයා ධනු රාශිගත වීම හා 2018-10-11 වන දින ගුරු ග‍්‍රහයා වෘශ්චික රාශි ගත වීම පසුගිය 2018-10-26 දින සිදු වූ දේශපාලන බල පෙරළියට මූලික හේතුව ලෙස අපට ජ්‍යොතිෂානුකූලව හඳුන්වා දිය හැකිය. ඒ අනුව සෑමවිටම ගුරු හා ශනි ග‍්‍රහ මාරු ආණ්ඩු පෙරළන ග‍්‍රහ මාරු ලෙස අපට පෙනේ.

මෙහිදී මෙම දේශපාලන බල පෙරළිය සමගින් හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රකාශිත මීන ලග්න ජන්ම කේන්දරයේ වත්මන් ග‍්‍රහචාරය මේ වන විට ඉතාම දුර්වල අසුබ මට්ටමක පවතින අතර වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රකාශිත කන්‍යා ලග්න ජන්ම පත‍්‍රයේ වත්මන් ග‍්‍රහචාරය මේ වන විට ඉතාම යහපත් හා සුබදායක තත්ත්වයක පවතී.

විශේෂයෙන් කුම්භ ලග්න කේන්ද්‍රයේ දැනට පවතින ග‍්‍රහ ගෝචරයන් අනුව ඉදිරි කාලයේ රට තුළ නැවුම් බවකින් යුතු වටපිටාවක් නිර්මාණය වේවි. පාලක පක්ෂ ¥රදර්ශී හා සෘජු තීරණ අනුව රටට යහපත් කටයුතු කිරීමට පෙළඹීමක් මේ තුළින් උදා වනු ඇත. දැනට සිදුවන බොහෝ වැරදි කි‍්‍රයා හා වැරදි ගමන් මග නිවැරදි දිශාවකට යොමු වන කාලයක් ලෙස මෙම ඉදිරි කාලසීමාව හ`දුන්වා දිය හැකිය. පාලක පක්ෂය යහපත් ආකාරයට කි‍්‍රයා කිරීමට ජනතාවගෙන් ප‍්‍රබල හ`ඩක් නැගෙනු ඇත. මේ සමගින් විපක්ෂ කණ්ඩායම්වල නව පිබිදීමක් සිදුවනු ඇත. කෙසේ වෙතත් මෙම ගුරු මාරුව සමගින් රටේ අභිවෘද්ධිය තකා ආගමික නායකයින් හා උගත් බුද්ධිමත් අයගේ නව පෙරට ඒමක් දැක ගත හැකි වනු ඇත.

ජනතාවට දැනට වඩා යම් සහනයක් ලැබේවි. රට තුළ ආගමික ප‍්‍රබෝධයක් ඇති වේවි. ජ්‍යොතිෂයේද වර්ධනයක් වේවි. අධ්‍යාපනයේ ප‍්‍රශ්න යම් පමණකට විසෙ`ද්වි. දැනට රට තුළ පවතින ව්‍යාකූල තත්ත්වයන් පහව ගොස් නව ප‍්‍රබෝධයක් අප රට තුළ ඇති වේවි. විශේෂයෙන් දේශපාලනය තව තවත් උණුසුම් වේවි. වාද විවාද පවතින කාලයක් වනු ඇත. නායකයන් තව තවත් උද්‍යෝගිමත් වේවි. මෙතෙක් පැවති අසහනකාරී, ව්‍යාකූල දේශපාලන ගමන් මග වෙනුවට නව දේශපාලන ගමන් මගක් මෙම කාලය තුළ රට තුළ ගොඩනැගෙනු ඇත. එසේම මැතිවරණයක් ද පැවැත්වේවි. නව දේශපාලන පක්ෂ ද මෙම කාලය තුළ බිහි වේවි. භික්ෂූන් වහන්සේලා රට ගැන සිතා ඉදිරියට පැමිණේවි.

ඉවසීමෙන් වැඩ කළයුතු කාලයක් ‍ජ්‍යොතිර්වේදී – සනත් ධර්මරාජ

රවීගේ නීච වීම, රජු වැනි ප්‍රබලයින්ට හානියක් වුවත් රටවැසියාට වාසියක් බව කියැවේ. බඩු මිල අඩුවීම්, ජනතාවට කන්දීම මෙන්ම ‍පොඩ්ඩන්ට දණ නමන්නේද මෙවැනි ග්‍රහ ගෝචර මතයි.

ශ්‍රී ලංකා කුම්භ ලග්න කේන්ද්‍රයේ හත්වැන්න සිංහයයි. එහි අධිපති රාජ්‍ය කාරක රවී ඔක්තෝම්බර් 17 සිට නොවැම්බර් 16 දක්වා නීච වීම, හත්වැන්නෙන් කියැවෙන විවාහය, සම්බන්ධතා, ගිවිසුම් බිඳ වැටීමට, මෙන්ම කෙටි කාලීන සම්බන්ධතා ඇතිවීමටද හේතුවිය. හැක. කුම්භ ලග්න කේන්ද්‍රයේ ආකාස මුදුන ගුප්ත වෘශ්චික ගෝනුස්සාගේ රාශියයි. උගේ විස ඇත්තේ වල්ගයෙහිය. එම ගුප්ත දස වැන්නට ගුරු පැමිණ ඇත. ගුරු මීට කලින් 2006.10.27 සිට 2007.11.23 දක්වා ගමන් කර ඇත. මෙවර 2018.10.11 වෘශ්චිකයට පැමිණ 2019.03.29 ධනුවටද ගොස් නැවත අප්‍රියෙල් 10 වක්‍ර වී 2019.11.05 දක්වා වෘශ්චිකයේ ගමන් කරනු ඇත.

ගුරු ග්‍රහයා මාස 05, 06ක් වැනි කාලයකින් රාශියක් ඉක්මවා යන කාලයේදී ගුරුගේ සීග්‍ර ගමන අසුබ පල ඇති වීමට හේතුයි. ලංකා කේන්ද්‍රයේ අට අධිපති බුධ ද වෘශ්චිකයේදී ගුරුට එකතුවීම නිසා අනපේක්ෂිත සැලසුම් මතු වේ. එම බුධ රනිල්, මහින්ද මැතිතුමන්ලාගේ ලග්නාධිපතියි, ජනාධිපතිතුමාගේ අහෝසිකර්මය ගැන කියවෙන 12 වැන්න අධිපතියි. ග්‍රහචාරය අනුව සිකුරු අස්ත වී, ග්‍රහයින් වැඩි දෙනෙක් රාහු, කේතු ශනි වැනි පාපයින්ගේ නැකත්වල ගමන් කරන අතර, අව සඳු හුදෙකලාව එක් අර්ධයක ගමන් කරයි. 2018.11.16 රවීද වෘශ්චිකයට පැමිණේ. මෙම ග්‍රහ පෙළ ගැස්ම අනුව, ස්ථාවරයන් බිඳවැටීම් මෙන්ම නැවත නැවත වෙනස් වීම් පෙන්වයි. සියලු දෙනා බුද්ධිමත්ව ඉවසීමෙන් කටයුතු කළ යුතුය. වැරදි ක්‍රියාවල නියැළෙන අය ගුරු ධනුවට පැමිණි පසු නීතියේ ග්‍රහණයට හසුවේ.

දේශපාලන ගමන් මගක් මෙම කාලය තුළ රට තුළ ගොඩනැගෙනු ඇත. එසේම මැතිවරණයක් ද පැවැත්වේවි. නව දේශපාලන පක්ෂ ද මෙම කාලය තුළ බිහි වේවි. භික්ෂූන් වහන්සේලා රට ගැන සිතා ඉදිරියට පැමිණේවි.

උපුටාගැනීම – රිවිර

  • 1.5K
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button