පළකල දිනය : Sun, Nov 4th, 2018

අගරදගුරු හිමියන්ගෙන් එජාපයට ටොක්කක් !

රටේ පවතින වත්මන් දේශපාලනය පිළිබඳව සාකච්ඡා කිරීමට රවී කරුණානායක ඇතුලු එජාප මන්ත්‍රීවරුන් පිරිසක් සහ දෙමළ ජාතික සංධාන මන්ත්‍රී එම්. සුමන්තිරන් අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමියන් මුන ගැසුනා.

එහිදි දෙමළ සංධාන මන්ත්‍රීවරයා විසින් නව අගමැතිවරයා පත් කිරීම ව්‍යවස්ථානූකූල නොවන බව කී විට අගරදගුරුතුමන් පෙරළා ප්‍රශ්න කළේ එසේ නම් ඔබලා මේ සම්බන්ධව අධිකරණයට නොයන්නේ මන්ද යන්නයි. එයට පිළිතුරු දුන් සුමන්තිරන් මන්ත්‍රීවරයා කියා සිටියේ මෙ සම්බන්ධ‍යෙන් අධිකරණයට යෑම තමන්ට අවාසිදායක බවයි.

මෙහිදි පැමිණි සිටි එජාප මන්ත්‍රීවරුන්ට රදගුරුතුමන් පැවසූවේ එජාපය මීට වඩා ජනතාවාදී විය යුතු බවයි.

පසුගිය රජයේ බදු ප්‍රතිපත්ති, ඉන්ධන මිල සූත්‍ර ආදිය දැඩි ලෙස ජනතාව පීඩාවට පත් කළ බවත් රදගුරුතුමන් ප්‍රකාශ කළා. එම නිසා ජනතාව දැඩි පීඩනයෙන් කල් ගෙවූ බවත් රදගුරු හිමියන් පැවසූවා.

  • 884
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button