පළකල දිනය : Mon, Nov 5th, 2018

කතානායකගෙන් නිවේදනයක් – පාර්ලිමේන්තුව බලෙන් කැදවන බවටත් ඉගි !

නව ආණ්ඩුව පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වනතුරු තමන් පෙර පැවති තත්වය පිළිගන්නා බව කතානායක කරූ ජයසූරිය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පැහැදිලි කරනවා.

පාර්ලිමේන්තුවේ ඇතිකළ වෙනස්වීම් සියල්ල ව්‍යවස්ථා විරෝධීව සහ සාම්ප්‍රදාය විරෝධීව සිදුකර ඇති බව බහුතරයේ අදහස වන බැවින් මෙම වෙනස්වීම් වලට පෙර පැවති තත්වය පිළිගන්නා ලෙස පාර්ලිමේන්තුවේ බහුතරය ඉල්ලා ඇති ‍හෙයින් ඔවුනට හා නව පාර්ශවයට හිමි බහුතරය පෙන්වීමට හැකිවන තුරු පෙර පැවැති තත්වය පිළිගැනීමට තමන්ට සිදුවන බවයි කතානායකවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.

එසේම මාතෘ භූමිය පෙර නොවූ විරූ ආකාරයේ අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දී ඇති ඇවස්ථාවක තමා නිහඩව සිටියත් තම හෘදය සාක්ෂියට අනුකූලව කටයුතු කිරීම මේ වන විට ජාතික යුතුකමක් බවයි කතානායකවරයා සඳහන් කරන්නේ.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button