පළකල දිනය : Wed, Nov 7th, 2018

ඇමති පදවියත් දමා රනිල්ට සහය දෙන්න ආ මනූෂ හිටිහැටියේ සිංගප්පූරු ගිහින් !

හිටපු නියෝජ්‍ය අමාත්‍ය , ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා ඊයේ (06දා) සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබෙන බව වාර්තාවේ.

කටුනායක ගුවන් තොටුපොළ ආගමන – විගමන දෙපාර්තමේන්තු උසස් නිලධාරීයෙකු සඳහන් කළේ ඊයේ සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 402 දරන ගුවන් යානයෙන් ඔහු සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබුණ බවයි.

මනූෂ නානායක්කා මහතා ඊයේ එක්සත් ජාතික පක්ෂය සමඟද එක්වූ අතර පසුගිය දින වල ඇතිවුනු දේශපාලන පෙරළිය සම්බන්ධයෙන් සළකා බලන විට ප්‍රජාතන්ත්‍ර විරෝධී සහ යහපාලන සාරධර්මයන්ට පටහැනිව සිදුකරන ලද පත්කිරීම් වලට තමන්ට හිතට එකඟව එකතුවිය නොහැකි නිසා තමන්ට ලැබුනු යෝජ්‍ය අමාත්‍ය ධූරය අත්හරිමින් එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වන බවයි මනූෂ නානායක්කාර සඳහන් කරන්නේ.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button