පළකල දිනය : Fri, Nov 9th, 2018

ආණ්ඩුවේ බහුතරය හැදෙන හැටි මෙන්න (වීඩියෝ)

දෙමල සන්ධානයෙන් කොටසක්, මුස්ලිම් කොංග‍්‍රසයෙන් කොටසක්, බදියුදීන්ගේ පක්‍ෂය ඕනෑම වෙලාවක ආණ්ඩුවට එක් කර ගත හැකි බව ඇමති එස්.බී. දිසානායක මහතා පවසයි.

දැනටමත් පාර්ලිමේන්තුවේ බහුතරය සකස් කරගෙන අවසන් බවත් පවසන ඔහු එක්සත් ජාතික ඵක්‍ෂයට දැනට ඇත්තේ ආසන 97ත් පමණක් යයිද ඔහු පෙන්වා දෙයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කලේය.

රංගෙ බණ්ඩාර මහතා විසින් එල්ල කරන චෝදනාව ගැන ඇමතිවරයා කියා සිටියේ තමන් එජාපයේ රනිල් වික‍්‍රමසිංහ හැර අන් සියළු දෙනාට ආණ්ඩුවට කතා කල බවයි.

කිසිවෙකුට මුදල් දීමට කතා නොකල බවත් රංගෙ බණ්ඩාර මහතා කෝටි 20ක් ඉල්ලා තිබූ බවත් පසුව ඔහු විසින්ම එය ලක්‍ෂ 80ට අඩු කර තිබූ බවත් කියා සිටියේය.

  • 966
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button