පළකල දිනය : Sun, Nov 11th, 2018

ජනපතිගේ තීරණය ගැන නෙස්බි ස්වාමි කියන කතාව !

ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලනික් තත්වය පිළිබඳව මේ වන විට ජාත්‍යන්තරයේ දැඩි අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව පසුගිය දිනවල ඇතිවුනු දේශපාල පෙරළියේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණ ව්‍යවස්ථා විරෝධි නොවන බව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී නෙස්බි ස්වාමි ප්‍රකාශ කරනවා.

පසුගියදා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විසින් ජනාධිපතිවරයා ගත් තීරණ ව්‍යවස්ථා විරෝධී බවට සිදුකළ ප්‍රකාශය පිළිබඳව අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළ අතර ජනාධිපතිවරයා රටට සුභවාදී ලෙස කටයුතු කරනු ඇති බව තමන් විශ්වාස කරන බවද ප්‍රකාශ කළා.

නෙස්බි ස්වාමිවරයා මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් මෙලෙස කරුණු පැහැදිලි කළා.

‘‘මම කියනවා එතන ව්‍යවස්ථා විරෝධි ක්‍රියාවක් සිදුව නැති බව. රටේ ජනතාවගේ කැමැත්තට අනුව ජනාධිපතිතුමා මැදිහක්වී ක්‍රියා කළා කියලා මට විශ්වාසයක් තියෙනවා. මට ඔහු අවස්ථා ගණනකදීම මුණගැහිලා තියෙනවා. මම හිතනවා ඔහු ප්‍රඥාවන්තයෙක් කියලා.

ඒ වගේම මම කණගාටු වෙනවා හිටපු බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරයෙකු මේ තීරණය ව්‍යවස්ථානුකූල නොවන බවට ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන්. කොහොම වුනත් එය ව්‍යවස්ථානුකූල උනත් නොවුනත් ඒ පිළිබඳව ප්‍රශ්න කිරීම බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරයෙකුට උචිත ක්‍රියාවක් නෙමෙයි‘‘

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button