පළකල දිනය : Sun, Nov 11th, 2018

අතෙන්ද.. බුලත් කොලෙන්ද.. පොහොට්ටුවද.. – තීරණය මෙන්න !

ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය හා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි මැතිවරණය සදහා එක් පෙරමුණක් යටතේ තරග කිරිමට මේ වන විට මූලික වශයෙන් එකග වී තිබේ.

ඒ අනුව මේ මොහොතේ දේශපාලන පිටියේ වඩාත්ම ජනප‍්‍රිය ලකුණකින් තරග කල යුතු යයි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ අදහස වි ඇත.

නව ලකුණු හෝ සන්ධාන ජනප‍්‍රිය කරවීමට කාලයක් නොමැති කම නිසා වඩාත්ම සුදුසු වන්නේ දැනට පවතින ජනප‍්‍රියම දේශපාලන ලකුණ වන පොහොට්ටුව යටතේ තරග කිරීම යයිද ඔහුවගේ අදහසයි.

ඊයේ දිනය පුරා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහජන නියෝජිතයන්, වෘත්තිය සමිති, අනු සංවිධාන ආදී සියල්ල සමග පැවති සාකච්චාවලදීද අවධාරණය වී ඇත්තේ ඒ හා සමාන අදහස්ය.

මැතිවරණය ජයග‍්‍රහණය කිරීම මිල ලකුනු ගැන මේ මොහොත් අවධානය යොමු නොකල යුතු බවත් වඩාත්ම වාසිදායක ලකුණක් භාවිත කරමින් ඊට තරග කල යුතු බවත් පොදුජන පෙරමුණේ අදහස වී තිබේ.

මේ සම්බන්දයෙන් වන තීරණාත්මක සාකච්චාවක් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඇතුලු ශ‍්‍රීලනිප ප‍්‍රධානීන් සමගින් අද දිනයේ පැවැත්වීමට නියමිත බවද වාර්තා වෙයි.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මෙතෙක් කටයුතු කල හිටපු මන්ත්‍රීවරුන් පිරිසක් අද දිනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය නිල වශයෙන් ලබාගැනීමට නියමිතය.

බත්තරමුල්ලේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ දී අද පෙරවරුවේ මෙම කටයුත්ත සිදු කිරීමට නියමිතය.

හිටපු මන්ත්‍රීවරුන් පිරිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී ශ්‍රී ලංකා පොදු පෙරමුණ සමග එක්වීමට නියමිත බව ද වාර්තා වේ.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button