පළකල දිනය : Sat, Nov 17th, 2018

ජූනි මාසයට පෙර මැතිවරණයක් !

ලබන ජූනි මාසයට පෙර මහ මැතිවරණයක් කැඳවීම සඳහා යෝජනාවක් සම්මත කරගැනීමට සියලු පක්ෂ හා සාකච්ඡා කරන බව එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත.

කොළඹදී මෙරට විදෙස් මාධ්‍යවේදීන් හමුවේ අදහස් ප්‍රකාශ කරමින් වික්‍රමසිංහ මහතා ඊයේ (16) පස්වරුවේ එම කරුණු සඳහන් කළ බව බී.බී.සී. සිංහල සේවය වාර්තා කර තිබිණි.

රනිල් වික්‍රමසිංහ මහතා එහිදි මෙසේ ද පවසා ඇත.

“අද පාර්ලිමේන්තුවේ ඇති වූ තත්ත්වය සම්බන්ධයෙන් මම කම්පාවටත් කනගාටුවත් පත් වෙනවා. අපිට මේ අරාජික තත්ත්වය තවදුරටත් බලා ඉන්න බෑ. අපිට බහුතරය තියෙනවා. අපිට ඒක ඔප්පු කරන්න පුළුවන්. මේ රටේ නීත්‍යනුකූලව පිහිටවපු ආණ්ඩුව අපියි. අපිට ඒ ආණ්ඩුව පවත්වාගෙන යන්න පුළුවන්. කතානායකවරයා ජනාධිපතිවරයාට යොමු කරන ලිපියට ප්‍රතිචාරයක් බලා සිටිනවා.

අවශ්‍ය නම් යළිත් වරක් ජනාධිපතිවරයා මුණ ගැසෙන්න එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් සූදානම්. ඕනෑම වෙලාවක හමුවෙන්න අපේ පක්ෂ නායකයන් සූදානම්. අපිට අනෙක් සියලු දේ කතා කරලා විසඳගන්න පුළුවන්. නමුත් රටේ ස්ථාවර ආණ්ඩුවක් පවත්වාගෙන යන්න පුළුවන් එකම කණ්ඩායම අපි බව පිළිගන්න ඕනේ.

ඒක නොපිළිගන්න තුරු රටේ අරාජික තත්ත්වයක් තියේවි. අපිට අරාජික තත්ත්වයක් අවශ්‍ය නැහැ. අනෙක් දේශපාලන පක්ෂ සමඟ ද සාකච්ඡා කර ලබන ජූනි මාසයට පෙර මහ මැතිවරණයක් පැවැත්වීමට අපි සූදානම්. ඒ සඳහා යෝජනාවක් සම්මත කරගැනීම කෙරෙහි ද අවධානය යොමු වී තිබෙනවා”.

  • 480
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button