පළකල දිනය : Sun, Nov 18th, 2018

අගමැති මහින්ද උපන්දිනය සැමරූ හැටි ! (Photos)

හිටපු ජනපති, අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය අදට යෙදී තිබෙනවා. එයට සමගාමීව දිවයිනේ බොහෝ ප්‍රදේශයන්හි පිංකම් සහ සැමරුම්ද පැවැත්වෙමින් තිබෙන බවද වාර්තා වෙනවා.

හිටපු ජනපතිවරයා අද උදෑසන සිය පවුලේ සාමාජිකයන් සමග උපන්දිනය සැමරූ අතර ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවියේද ඔහුට බොහෝ සුභ පැතුම් එක්ව තිබුනා.

ශ්‍රී ලංකාව ගිලගත් තිස් වසරක කුරිරු යුද්ධය අවසන් කිරීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා දේශපාලන නායකත්වය ලබා දුන් අතර ඔහුගේ පාලන සමයේ ශ්‍රී ලංකාවේ බොහෝ සංවර්ධන ව්‍යාපෘතින්ද අරඹා ක්‍රියාත්මක කළා. දේශීයත්වයට මුල් තැන දෙමින් දේශපාලන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමටද ඒ මහතා ප්‍රසිද්ධියක් උසුලයි.

මහින්ද රාජපක්ෂ මහතා උපන්දිනය සැමරූ අයුරු,

හිටපු ජනපතිවරයාට සුභ පතා පළව තිබූ සුභාශිංසන කිහිපයක් පහතින්,

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button