පළකල දිනය : Mon, Nov 19th, 2018

පක්‍ෂ නායක හමුවේ ජනපතිගේ ප‍්‍රශ්නයෙන් රනිල්ට කටඋත්තර නැති වූ හැටි !

ඊයේ දිනයේ ජනාධිපතිවරයා විසින් කැදවා තිබූ පාර්ලිමේන්තුවේ පක්‍ෂ නායක හමුවට සහභාගී වූ හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් ජනාධිපතිවරයා විසින් විමසන ලද ප‍්‍රශ්නයක් හේතුවෙන් තට උත්තර නැතිව ගොස් ඇත.

‘හිටපු අගමැතිතුමාට කියන්න දෙයක් ඇත්නම් කියන්න’ යැයි ජනාධිපතිවරයා විසින් පැවසූ අවස්ථාවේදී වික‍්‍රමසිංහ මහතා පවසා ඇත්තේ ‘අපි විශ්වාසභංගයක් පාර්ලිමේන්තුවේ සම්මත කලා. ඒ අනුව කටයුතු කලා නම් හරි’ යනුවෙනි.

‘එහෙනම් ගන්න බලන්න විස්වාස භංගයත් සම්මත වුනා කියන්න සාක්ෂි’ යයි ජනාධිපතිවරයා ඊට කියද්දී ‘පාර්ලිමේන්තුවේ හැන්සාඞ් වාර්තාව ගන්න’ සන්ධාන පාර්ශවයෙන් එජාපයෙ පවසා ඇතත් එජාප පාර්ශවය සතුව එවැන්නක් තිබී නැත.

එහිදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා අදාල දිනවල හැන්සාඞ් වාර්තාව පෙන්වා ඇති අතර එහි කිසි තැනක විශ්වාස භංගයක් සම්මත වූවා කියා සදහන්ව නැත.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button