පළකල දිනය : Mon, Nov 19th, 2018

ජනතාව වෙනුවෙන් සැමියගෙන් දික්කසාද වෙන්න යන ගීතා !

ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් තමන් ස්විට්සර්ලන්ත පුරවැසිභාවය සහ ද්විත්ව පුරවැසිභාවය ඉවත් කරගත් බවත් ඒ නිසාම තමන්ගේ වසර 37ක විවාහ ජීවිතය අවසන් කිරීමට සිදුවූ බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී ගීතා කුමාරසිංහ මහත්මිය පවසයි.

එය තම ජීවිතයේ ගැනීමට සිදුවූ අමාරුම තීන්දුව වූ බව පැවසූ ගීතා කුමාරසිංහ මහත්මිය මේ මස 26 වනදා තමන් උසාවියේදී තම දික්කසාදයට අත්සන් තබන බව ද ප්‍රකාශ කළාය.

පියසේන ගමගේ වැනි ආත්මගෞරවයක් නොමැති පුද්ගලයකු තමන් වෙනුවට පාර්ලිමේන්තුවට පිවිසීම පිළිබඳව තමන් පමණක් නොව ගාලු දිස්ත්‍රික්කයේ ම ජනතාව කණගාටු වනු ඇතැයි තමන් සිතන බව ද ඒ මහත්මිය සඳහන් කළේ කඳුළු පිසිමිනි.

ඒ මහත්මිය මේ අදහස් පළ කලේ නිදහස් කලා සන්ධානය නම් සංවිධානය ඊයේ (18) කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

ගීතා කුමාරසිංහ මහත්මිය කලකට ඉහත ජනප්‍රිය නිළියක් වූවාය.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button