පළකල දිනය : Wed, Nov 21st, 2018

වත්මන් ආණ්ඩුවට එරෙහිව සත්‍යග්‍රහයක් !

වත්මන් ආණ්ඩුවට එරෙහිව දඹර අමිල හිමියන් ඇතුළු සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති ක්‍රියාකාරීන් පිරිසක් සත්‍යග්‍රහයක් අරඹා තිබෙනවා.

සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කළ ප්‍රජාතන්ත්‍රවාදය හා ව්‍යවස්ථාව රැකගැනීමේ අඛණ්ඩ සත්‍යග්‍රහය කොළඹ නගර ශාලාව ඉදිරිපිට බුදු පිළිමය අසලදී අද (21) ආරම්භ විය.

අද පස්වරු 4.00 ට පමණ ආරම්භ වූ මෙම සත්‍යග්‍රහය සඳහා ආගමික නායකයන්, සිවිල් සංවිධාන නියෝජිතයන්, වෘත්තිකයන්, කලාකරුවන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

‘‘ජනපති සිරිසේනගේ ව්‍යවස්ථා කුමන්ත්‍රණයෙන් රට අනතුරේ‘‘ යන තේමාවෙන් එය ආරම්භ විය.

මෙම අවස්ථාව සඳහා එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික රණවක, දයා ගමගේ, චන්ද්‍රානි බන්ඩාර, හර්ෂ ද සිල්වා, මුජබර් රහුමාන්, අජිත් පී පෙරේරා, ආංශු මාරසිංහ යන යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

  • 333
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button