පළකල දිනය : Wed, Dec 12th, 2018

වාහන ගෙන්වීම 90%කින් නවතී !

අද වන විට මෙරටට මෝටර් රථ ආනයනය කිරීම 90% කින් පමණ පහත වැටී ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

සංගමයේ උප සභාපති කීර්ති ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ මීට හේතු වී ඇත්තේ ඩොලරය අගය ඉහළ යාම, ආනයනික බදු ඉහළ ද ඉහළ දැමීම, ණයවර ලිපි නිකුත් කිරීමේ දී බැංකු පොලී අනුපාත වෙනස් කිරීම, වාහන ගෙන්වීමට දෙන වෙළඳ බලපත්‍ර ගාස්තු ඉහළ දැමීම ආදී කාරණා බවයි.

මේ වන විට රටේ ඇතිව තිබෙන අස්ථාවර දේශපාලන තත්ත්වය සහ ආර්ථික කඩා වැටීම නිසා ඉදිරියේදී වාහන අයන ආනයනය සම්පූර්ණයෙන්ම නතර විය හැකි බවද ඔහු කියා සිටියේය.

දැනටමත් වාහන බලපත්‍ර හිමියන් සහ සුඛෝපභෝගී වාහන හැර කුඩා මෝටර් රථ ආනයන කරුවන්ගේ ව්‍යාපාරයන් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව ද ඔහු වැඩි දුරටත් කියා සිටියේ ය.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button