පළකල දිනය : Sat, Dec 15th, 2018

වසර ගානක් අපි රට පාලනය කරනවා බර ඇද්ද අයට වැඩි වගකීම්

ඉදිරි වසර 12ක කාලයක් රට පාලනය කිරීමට එක්සත් ජාතික පක්‍ෂයට අවස්ථාවක් ලැබී ඇති බව එම පක්‍ෂය සදහන් කරයි.

එජාපයට නිදහස් පහර දෙකක් හිමිව ඇති බවත් ඒවාට නිසි ලෙස පහර එල්ල කලොහාත් වසර 12ක කාලයක් එජාපය විසින් රට පාලනය කරන බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රි නලින් බණ්ඩාර මහතා කියයි.

අරලියගහ මන්දිරයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ අද වන විට එම දේශපාලන තුරුම්පු පවතින්නේ තම පක්‍ෂයට පමණක් බවයි.

මේ අතර එක්සත් ජාතික පක්‍ෂය විිසින් නව ආණ්ඩුවේ තරුණ මන්ත‍්‍රී පිරිසකට වැඩි වගකීම් ලබා දීමට සූදානමකින් සිටින බව වාර්තා වෙයි.

එහිදී අජිත් පී. පෙරේරා, හර්ෂද සිල්වා, රන්ජන් රාමනායක වැනි කිහිප දෙනෙකුට කැබිනට් ඇමති ධුර ලබා දීමට යෝජනා මට්ටමේ ඇත්තේ ඔවුන් පසුගිය දින කිහිපයේදී පක්‍ෂය වෙනුවෙන් වැඩි වශයෙන් වෙහෙස මහන්සි වී කටයුතු කල නිසාය.

හිරුණිකා පේ‍්‍රමචන්ද‍්‍ර, එස්.එම්. මරික්කාර් වැනි කිහිප දෙනෙකුට නියෝජ්‍ය හෝ රාජ්‍ය ඇමතිකම්ද ලබා දීමට යෝජනා වී ඇති බවද වාර්තා වේ.

ලබන 18 වැනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහභාගි වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කංචන විජේසේකර මහතා කොළඹදී පැවසීය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව අධිකරණය තින්දුවක් ලබා දි ඇති බැවින් මෙම තීරණය ගන්නා බවද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

බත්තරමුල්ල නෙලුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්‍යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

පාර්ලිමේන්තුව රැස්වූවාට පසු ව්‍යවස්ථාවට ,ස්ථාවර නියෝගවලට අනුව යෝජනාවක් ගෙනවිත් බහුතරය උරගා බැලීමේ අවස්ථාවක් මන්ත‍්‍රීවරුන්ට ඇති බවද ඔහු එහිදී සඳහන් කළේය.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button