පළකල දිනය : Thu, Dec 27th, 2018

තම වියදමින් රෝහලක් නඩත්තු කරන අනුරපුර බෝසත් වෙදැදුරු !

දුෂ්කර අනුරාධපුර නගරයේ ඇලයාපත්තුව ප්‍රදේශයේ රෝහලක සේවය කරනා වෛද්‍යවරයෙක් සිය වියදමින්ම රෝහල පිරිසිදු කරමින් සේවය කිරීමේ අපූරු පුවතක් වාර්තා කරනවා.

වෛද්‍ය ඒ.පී.ප්‍රියශාන්ත හදවත් රෝග සම්බන්ධ වෛද්‍යරයෙක්. බොහෝ දුෂ්කර ජීවිතයක් ගත කරමින් නිදහස් අධ්‍යාපනයෙන් උගත් ඔහු අද රටට සේවය කරමින් සිටිනවා. මීට වසර දෙකකට පෙර කැලයෙන් වැසී තිබු මේ රෝහල වෛද්‍යවරයා පත්වි පැමිණුන දා සිට සුද්ද පවිත්‍ර කරමින් පවත්වා ගෙන යනවා. 

කුඩා ගම් 65ක රෝගීන්ට ප්‍රථිකාර ලබා දෙන මෙම රෝහලේ රුධිර පරීක්ෂා කිරීමේ හෝ පහසුකම් නැහැ. රෝහල නඩත්තු කිරීමට වෛද්‍යවරයා සිය පෞද්ගලික ධනය පවා වැය කිරීම සැබැවින්ම අගය කළ යුතුය.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button