පළකල දිනය : Sat, Dec 29th, 2018

මහින්දගේ බාල පුතු රෝහිත විවාහ උත්සවය වීරකැටියේ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුතු වන රෝහිත රාජපක්ෂ මහතා එන ජනවාරි 24 වැනිදා විවාහ දිවියට ඇතුළු වීමට නියමිතය.

ඔහු විවාහ වන්නේ ඔහුගේ පෙම්වතිය වන ටට්යානා ලී සමගයි…

තංගල්ල රන්න ප‍්‍රදේශයේ හෝටලයකදී මෙම විවාහ උත්සවය පැවැත්වීමට නියමිත අතර එය ඉතා කලාත්මක ආකාරයෙන් සිදු කිරීමට මේ වන විටත් කටයුතු සූදානම් වෙමින් ඇතැයි වාර්තා වෙයි. වීරකැටිය කාල්ටන් නිවසට පැමිණෙන ආරාධිතයන්ට එම හෝටලය වෙත ගමන් ගැනීම සඳහා විශේෂ ප්‍රවාහන සේවාවක් ද ක්‍රියාත්මක කර ඇති බව ඔවුන්ගේ මංගල ඇරයුම්පතෙහි දැක්වේ.

විවාහ මංගල උත්සවයේ ආරාධනා පත‍්‍රය මෙහි දැක්වෙයි….

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button