පළකල දිනය : Sun, Dec 30th, 2018

රටේ සියලු මාධ්‍ය ගොනාට අන්දපු රෝහිතගේ වෙඩින් කාඩ් එකේ ඇත්ත කතාව !

එළැඹෙන ජනවාරි 24 වැනිදා තමන් විවාහ වන්නේ යයි අන්තර්ජාලයේ පලව ඇති වාර්තා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතා ප්‍රතික්ෂේප කරයි.

ට්විටර් පණිවුඩයක් මගින් ඔහු සඳහන් කරන්නේ එකී ආරාධනා පත්‍රය කිසිවෙකු විසින් නිර්මාණය කර අන්තර්ජාලයට මුදාහරින ලද්දක් බවයි.

රෝහිත රාජපක්ෂ මහතාගේ පෙම්වතිය වන ටට්යානා ලී මෙනවියද එම ට්විටර් පණිවුඩය ගිණුම ඔස්සේ ද ප්‍රකාශ ප්‍රසිද්ධියට පත් කර තිබේ.

ඔවුන් දෙදෙනා කලක පටන් පෙම්වතුන් සේ ඇසුරු කරමින් සිටින අතර ඔවුනගේ විවාහ මංගල උත්සවය ජනවාරි 24 වනදා තංගල්ල රන්න ප්‍රදේශයේ දී පැවැත්වෙන බවට ආරාධනා පත්‍රයක් අන්තර්ජාලයට කිසිවෙකු විසින් මුදා හැර තිබිණි.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button