පළකල දිනය : Thu, Jan 3rd, 2019

නව නාවික හමුදාපතිතුමා විශේෂඥ දැනුමක් ඇති සුපිරි වෑඩ්ඩේක්

නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා අද (03) පෙරවරුවේ ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා මුණ ගැසුණා. ඒ, නව ධුරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව රාජ්‍ය නායකයා හමුවීමේ සම්ප‍්‍රදාය ඉටුකරමින්.

ශී‍්‍ර ලංකා නාවික හමුදාවේ 23 වන නාවික හමුදාපතිවරයා ලෙස වයිස් අද්මිරාල් පියල් ද සිල්වා එම ධුරයට පත් කෙරුණේ ඉකුත් පළමු වැනිදායි. වයිස් අද්මිරාල් පියල් ද සිල්වා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙක් වන අතර ඔහු නාවික හමුදාවේ ශිෂ්‍ය භට නිලධාරියෙකු ලෙස එක් වන්නේ 1984 වසරේදීයි.

ඉන් අනතුරුව 2012 වසරේ නොවැම්බර් පළමු වැනිදා රියර් අද්මිරාල් නිලයට උසස් කරන පියල් ද සිල්වා ගැඹුරු මුහුදේ කිමිදුම් හා ගලවා ගැනීමේ මෙන්ම මුහුදු බෝම්බ නිෂ්කී‍්‍රය කිරීම පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති අයෙක්.

ආපදා කළමණාකරණය පිළිබදවද මනා පළපුරුද්දක් ඇති ඔහු රටේ ඇති වූ ආපදා අවස්ථාවන්වලදි සිය දායකත්වය උපරිමයෙන් ලබාදුන්නා.

නාවික නිලධාරියෙකු ලෙස මව්බිම වෙනුවෙන් ඉටුකළ මෙහෙවර වෙනුවෙන් වීර වික‍්‍රම විභූෂණ, රණවික‍්‍රම, රණශූර, විශිෂ්ඨ සේවා විභූෂණ හා උත්තම සේවා ඇතුළු පදක්කම් රැසකින්ද වයිස් අද්මිරාල් පියල් ද සිල්වා පිදුම් ලබා තිබෙනවා. නාවික හමුදාපති ධුරයේ වැඩ භාර ගැනීමට පෙර ඔහු 2018 වසරේ ජූලි 2 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා නාවික හමුදාවේ මාණ්ඩලික ප‍්‍රධානී ලෙසද කටයුතු කළා.

Vice Admiral Piyal De Silva who assumed duties as the 23rd Commander of the Sri Lanka Navy, paid a courtesy call on the President and Commander-in-Chief of the Armed Forces, His Excellency Maithripala Sirisena at the Presidential Secretariat today. During the ensuing cordial discussion, the President conveyed his best wishes to Vice Admiral Silva on his new appointment as the Commander of the Navy. Symbolizing his first official call on the President of the Democratic Socialist Republic of Sri Lanka, upon assumption of duties as the 23rd Commander of the Sri Lanka Navy, Vice Admiral Piyal De Silva presented a special memento to His Excellency the President.

Vice Admiral Piyal De Silva, in conformity with military traditions after he took office as the 23rd Commander of the Sri Lanka Navy, called on the Prime Minister, Hon. Ranil Wickremesinghe at the Temple Trees today (03rd January). This turned out to be the Navy Commander’s first visit to the Prime Minister after he assumed duties of the new appointment. At the outset, the Hon. Prime Minister extended his congratulations on Navy Commander’s new appointment and held a cordial discussion. To mark the significance of this occasion, Vice Admiral Silva presented a memento to the Hon. Premier

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button