පළකල දිනය : Sun, Jan 6th, 2019

මාවනැල්ලේ මහා සංඝරත්නයේ ආශිර්වාදය මැද තරුණයින්ට ලැබුණු දේ..!

මාවනැල්ල ඇතුලූ ප‍්‍රදේශ කිහිපයක බුදු පිළිම වලට හානි කරන ලද පුද්ගලයන් පොලිසියට කොටු කර දුන් තරුණයන් තිදෙනාට උපහාර පිදිමේ උත්සවයක් හා විශේෂ අධිෂ්ඨාන පූජාවක් මාවනැල්ල බෙලිගම්මන පොත්ගුල් විහාරස්ථානයේදි ඊයේ (05) පස්වරුවේ පැවැත්වුනා.ඒ ස්වාමින් වහන්සේලා, රාජ්‍ය නිලධාරින්, දේශපාලඥයින් ඇතුළු ප්‍රදේශවාසීන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන්. මෙම අවස්ථාවේ පැවැති අධිෂ්ඨාන පුජාවෙන් පසුව පසුගිය දෙසැම්බර් 26 වැනිදා අලූයම මාවනැල්ල දිදුලවත්ත බුදු පිළිමයට හානි කරන ලද මුස්ලිම් අන්තවාදි යැයි පවසන පුද්ගයන් දෙදෙනාගෙන් එක් අයෙක් අල්ලා ගත් තරුණයන් තිදෙනා වන ඒ.එම්. සෙනරත් බණ්ඩාර, යු.ජි චානක ජයරත්න, කේ.ඒ ගාමිණි සෙනෙරත් බණ්ඩාර යන අයට මෙහිදි උපහාර තිලිණයක් සහ සමරු තිලණයක් ප‍්‍රධානය කර තිබුනා.

ඒවා ප‍්‍රධාන කිරිමේ අවස්ථාවේදි මහා සංඝරත්නය විසින් මෙම තරුණයන්ට සමරු තිලිණ ප‍්‍රධානය කර අතර මාවනැල්ල ප‍්‍රාදේශිය ලේකම් ප‍්‍රියංගනී පෙතන්ගොඩ මහත්මිය හා දේශපාලන අධිකාරියේ නියෝජනය කරමින් තෑගි ප‍්‍රධාන කිරිමද මෙහිදි සිදු විය. එම සමරු තිලිණ හා තෑගි සකස් කර ඒ සඳහා අනුග‍්‍රහක දායකත්වය ලබා දි තිබුණේ මාවනැල්ල මාවනැල්ල ප‍්‍රාදේශිය සංඝ සභාව හා බෞද්ධ ජනතාව විසිනි. මෙම පිංකම සඳහා මාවනැල්ල පොලිසියේ ප‍්‍රධාන පොලිස් පරික්ෂකවරයා ඇතුලූ නිලධාරින්ද එක්ව සිටි අතර පිංකම අවසන් වන තෙක් පොලිස් කණ්ඩායමක්ද අදාල ස්ථානයේ ආරක්ෂාවට රඳවා තිබූ බවයි වාර්තා වුනේ. මෙම පිංකමට සහභාගි වු මහා සංඝරත්නයට හා ජනතාවට මෙහිදි සංවිධායක මණ්ඩලය විසින් බෞද්ධයන්ට වැදගත් වන ලිය කියවිල්ලක් බෙදා දිමට ද කටයුතු කළා.

පුජ්‍ය රන්නේ ඉන්ද්‍රසාර හිමියන් විසින් මෙලෙස අනුශාසනාවක්ද සිදුකළා….

අපේ ජනාධිපතිතුමා ඇතුලූ රාජ්‍ය නිලධාරින් අද දවසේ විශේෂ කටයුත්තක් කලා අපේ අති උතුම් ත‍්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප‍්‍රකාශයට පත් කිරිම. අපි එය ඉතා අගය කර යුතුයි. 75 ස් වසරක් අපිට ලැබුණු නිදහසින් පසුව වෙච්ච සුවිශේෂි සිදු විමක් තමයි මේ සිදු විම. නමුත් එතනින් එහාට ජාතික උරුමය රැක ගැනිමට අද කතා කරන අපි සිංහලයා අද යාන්තම් හරි අවදි වෙද්දි අන්‍ය ජාතිකයින් සිංහල උරුමයත් සිංහල කමත් ජාතිකත්වයත් බෞද්ධකමත් වනසමින් ඉතා සුක්ෂමසීලිව කටයුතු කරනවා.

සිංහලයාගේ ගහන්න තියෙන හොඳම තැනට දැන් ගහලා අවසන්. සිංහල බෞද්ධකම ගැන කතා කරන්න බයේ හිටපු වේලාවේ ඉහළම තැන එකාගේ ඉදන් පල්ලහයාම තැන ඉන්න එකා දක්වා ගංගොඩවිල සෝම හාමුදුරුවන් වහන්සේ තමයි සිංහල බෞද්ධයා අවදි කලේ. උන් වහන්සේ ඝාතනය කලා. ඉන් එහා මෑත කාලයේ ලොකු උත්සායක් ගත්තා මාදුළුවාවේ සෝභිත හිමිපාණන් වහන්සේ උන් වහන්සේට කරන්න ඔනෑ ඉහළම අපහාසයත් වර්තමානයෙත් ඊට පෙරත් හිටපු නායකයන් සිදු කලා. සංඝයා හිනහවට පත් කලා. සිංහලකමට සිංහල ලේ වලට දැනෙන්න ඕනෑ මේවා. ඒවාගේම ගලගොඩවත්තේ ඥාණසාර හාමුසුරුවෝ සම්බන්ධයෙන් විවිධ අදහස් මතභේද අපේ ස්වාමින් වහන්සේලාට හා ඔබටත් මටත් තියෙනවා. නමුත් උන් වහන්සේගේ සමස්ත ජිවිතයම කැප කලේ සිවුර රකින්න ශාසනය රකින්න. සිංහලයා වෙනුවෙන් හඩ නගන්න රට බේරා ගත් විරෝධාර රණ විරුවන් රකින්න ලැබුණු ත්‍යාගය තමයි ස්වාමින් වහන්සේලා සිය ගණනක් හිර කුඩුවේ දමලා ඥාණසාර හාමුදුරුවන් වහන්සේට ඇපත් නැති වෙන්න හිරේ යවපු එක. රාජ්‍ය පාලකයන්ට අපි කියන්නේ මෙක සෙල්ලම් වැඩක් නොවෙයි.

මාවනැල්ලේ දිදුලවත්තේ බුදු පිළිමයට පහර දුන්න ක‍්‍රමවේදය තුල තිබෙනවා අති දැවැන්ත කුමන්ත‍්‍රණයක්. එකට සම්බන්ධයි මෙ රටේ ඉහළ පෙළේ ආගමික නායකයන් කියන එකේ විශ්වාසය අපිට තියෙනවා. දේශපාලඥයින් උත්සාහ කරනවා නම් මේ සිංහලයාට දැනුනු සිංහලයාගේ හදවත කාවද්දන මෙ අපරාධය සාපරාධි ක‍්‍රියාව මැඩ ලන්න අපි ඒ ගැන බොහෝම කණගාටු වෙනවා. ජනාධිපති මැදුරේ ඉදන් ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලය දක්වා ඉන්න පුටු වල හැමෝම යැපෙන්නේ බහුතරයක් සිංහල බෞද්ධයාගේ වත්කමින් කියන එක ඔවුන් අමතක කරන්න හොඳ නැහැ. අන්‍ය ජාතිකයින්ට වෙනම වරප්‍රරසාද ඔවුන් ඔවුන්ගේ ජාතිය වෙනුවෙන් පෙනි සිටිනවා නම් අපිට ප‍්‍රශ්නයක් නැහැ අනේ සුළු ජාතිකයින්ට ඒ වරප්ප‍්‍රසාද ලැබෙන්න ඕනෑ කියලා.

  • 318
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button