පළකල දිනය : Sun, Jan 6th, 2019

“මිහින් ලංකා මුදල්වලින්” කාර් එකක් සුමනෙට තෑගි දීලා මාට්ටු

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ජ්‍යොතිෂ්‍ය උපදේශකයා වූ සුමනදාස අබේගුණවර්ධන මහතාට මෝටර් රථයක් ලබාදීම වෙනුවෙන් මිහින් ලංකා ආයතනයට අයත් මහජන මුදල් රුපියල් මිලියන 8.2 ක් අවභාවිතා කර ඇති බව වාර්තා වේ. සුමනදාස අබේගුණවර්ධන මහතා (04) ශ්‍රීලංකන් මිහින් ලංකා, ශ්‍රීලංකාන් කේටරින් යන ආයතනවල වංචා දූෂණ විමර්ශනය සඳහා පත්කළ ජනාධිපති කොමිසම ඉදිරියේ පෙනී සිටිමින් මේ බව පිළිගෙන තිබේ.

සුමනදාස අබේගුණවර්ධන මහතා කොමිසම ඉදිරියේ සිදුකළ අනාවරණයට අනුව 2007 වසරේදී Nissan-N16 වර්ගයේ මෝටර් රථයක් මිලදී ගැනීම සඳහා එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දැනුම්දීම අනුව මෙම මුදල් නිදහස් කර තිබේ. සුමනදාස මහතා කොමිසම ඉදිරියේදී පවසා ඇත්තේ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධාන ආරක්ෂක නිළධාරියා වූ මේජර් නෙවිල් වික්‍රමාරච්චි මහතා තමන්ට රාජගිරියේ පිහිටි ලීසිං ආයතනයක් වෙත පැමිණෙන්නැයි දැනුම් දුන් බවයි. ඒ අනුව තමා එහි ගිය බවත් එහිදී මෝටර් රථයක යතුරක් තමන් වෙත ලබාදුන් බවත් ඔහු කොමිසම ඉදිරියේ වැඩිදුරටත් පවසා තිබෙනවා.

නීතිපති දෙපාර්තමේන්තුවෙ වෙනුවෙන් කොමිසම ඉදිරියේ පෙනී සිටි රජයේ අධි නීතිඥ චතුර ගුණතිලක මහතා, එවැනි වාහනයක් හිටපු ජනාධිපතිවරයා ලබා දුන්නේ මන්දැයි ප්‍රශ්න කළවිට සුමනදාස මහතා පවසා ඇත්තේ තමන් හිටපු ජනාධිපතිවරයා සමීපව ඇසුරු කළ පුද්ගලයෙකු බවයි. අදාල මෝටර් රථයේ පෙර හිමිකරු කවරෙක්ද යන්න තමා නොදන්නා බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා. මෙම මෝටර් රථය 2014 වසර අවසානය දක්වා තමා භාවිතා කළ බවත්, එහෙත් 2015 පැවති ආණ්ඩුව බිඳවැටීමෙන් පසු අදාල ලීසිං ආයතනය මෝටර් රථය නැවත තමාගෙන් ලබාගත් බවත් සුමනදාස අබේගුණවර්ධන මහතා පවසා තිබෙනවා.

මෙවැනි මෝටර් රථ 26 ක් පමණ ශ්‍රීලංකන් සහ මිහින් ලංකා ආයතනවල භාවිතය සඳහා ලබාගෙන ඇති බව මේ වනවිට කොමිසම හමුවේ අනාවරණය වී ඇති අතර එම මෝටර් රථ සැබෑවටම එකී ආයතනවල භාවිතය සඳහා යොදා ගත්තේද එසේ නැතහොත් එකී ආයතනවලින් පරිබාහිර පුද්ගලයන්ට ලබා දුන්නේද යන්න පිළිබඳ විමර්ශන සිදු කරමින් සිටී.

Mihin Lanka has paid a loan of Rs.8.2 million for a car (Nissan- N16) which was gifted to Astrologer Sumanadasa Abeygunawardena by former President Mahinda Rajapaksa in the year 2007, Astrologer Abeygunawardana informed the SriLankan Airlines Commission yesterday.

He informed the Presidential Commission of Inquiry (PCoI) into irregularities at SriLankan airlines, SriLankan Catering and Mihin Lanka that in 2007 he had received a call from the ex-Chief Security Officer of former President Major Neville Wanniarachchi to collect the particular car from LOLC at Rajagiriya. “LOLC had only given the key of the car to me and I obtained one-year insurance for the vehicle,” he said.

When State Counsel Chathura Gunathilake questioned about why former President had gifted him such a vehicle he said he had closely associated with the former President and he had been never aware of the real ownership of the vehicle. Sumanadasa informed the Commission he had used the vehicle for eight-years (2007-2015) and after the change of Government in 2015 the car was taken back by the LOLC.

Earlier it was revealed to the Commission that LOLC had bought 26 cars from the same model to use for SriLankan airlines and Mihin Lanka. It was informed to the Commission that LOLC had borrowed Rs.82 million worth loan from the Seylan Bank for the recovery of these 26 vehicles. It was revealed to the Commission that Mihin Lanka had paid the lease rental of these vehicles to LOLC

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button