පළකල දිනය : Tue, Jan 8th, 2019

අලුතින් පාරට එන විදුලි දුම්රියක ලංගම හයිබ්‍රිඩ් බස්

ලංගම බස් ඇණියට මෙම වසර තුළ දී නවීන බස් රථ 1,000 ක් එක් කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසයි. ඊයේ (07) පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

“පාපුවරුව පහළින් තියෙන වායුසමීකරණය කරන ලද හයිබ්‍රිඩ් බස්රථ දාහකුත් සහ සාමාන්‍ය ඩීසල් බස් රථ දාහකුත් ගේන්න බලාපොරොත්තු වෙනවා. අඩුම තරමින් මේ වසර තුළ නවීන පන්නයේ බස් රථ 1,000 ක් ගේන්න වැඩපිළිවෙලක් සකස් කරනවා.“

“ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ බස් රථ 500 ක් ගෙන්න දැනටමත් ටෙන්ඩර් කැඳවා තිබෙනවා. ඒකෙන් ආසන 54-56 බස් රථ 400 ක් සහ ආසන 36 බස් රථ 100 ක් වශයෙන් ඉන්දියාවෙන් ලේලන්ඩ් හෝ ටාටා වර්ගයේ බස්රථ මේ වසරේ ජූනි ජූ ලි වෙද්දී එයි.“ මේ අතර අමාත්‍යවරයා වැඩිදුරටත් කරුණු දක්වමින් මෙම මධ්‍ය හමුවේ දී පැවසුවේ පානදුරේ සිට වේයන්ගොඩ දක්වා විදුලි දුම්ර්ය මාර්ගයක් ස්ථාපිත කිරීමට ආසියානු සංවර්ධ බැංකුවෙන් මේ වන විට ණය ආධාර ලැබී ඇති බවයි.

“කැලණිවැලි දුම්රිය මාර්ගය නව ද්විත්ව දුම්රිය මාර්ගයක් බවට පත්කරනවා. පානදුරේ සිට වේයන්ගොඩ දක්වා විදුලි දුම්ර්ය මාර්ගයක් ඇති කරන්න සහ එය රඹුක්කන දක්වා දීර්ඝ කරන්න ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 600 ක් ලැබිලා තියෙනවා. ඩොලර් මිලියනයක් ලැබුණා ශක්‍යතා වාර්තාව කරන්න ආධාරයක් වශයෙන්. තව වසර කිහිපයක් ඇතුළත ලංකාවට විදුලි දුම්රියක් එන බව විශ්වාස කරනවා.“

A Light Railway Transport (LRT) network will be launched this year as a measure to ease the traffic congestion in and around Colombo city.Japan has agreed to grant a credit line of 1,850 million US dollars to meet its cost, the Ministry of Finance and mass Media said in a statement issued yesterday. The statement added that the proposed railway line from Colombo Fort to Malabe with 16 Railway stations will be 17 kilometres in extent and the Japan International Cooperation Agency (JAICA) has volunteered to assist the project with Funding and Technological advice. The Cabinet Paper regarding this programme submitted by Finance and Mass Media Minister Mangala Samaraweera has gained approval.

The JAICA loan carrying a very low interest of 0.1 percent has to be rapid within 40 years with a grace period of 12 years.The Megapolis and Western Development Ministry which handles this project is expected to commence work on the project within this year. JAICA will provide the funding between 2018 and 2024 in 6 stages and 260 million US dollars would be provided under the first stage. The recommendation made by Minister Samaraweera to enter into an agreement with JAICA in this regard has also gained Cabinet approval

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button