පළකල දිනය : Tue, Jan 8th, 2019

රාවනා ගැන ප්‍රමුඛ පෙළේ විද්‍යා සමුළුවකදී මතු වූ ගුවන් තාක්ෂණය

106 වන ඉන්දියානු විද්‍යා සමුළුවවේදී එරට විද්‍යාඥයින් පිරිසක් විසින් සිදුකළ විද්‍යාත්මක සොයා ගැනීම් කිහිපයක් අනුව ආන්දෝලනාත්මක ප්‍රකාශ ඉදිරිපත් කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකාව තුල බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබෙන රාවණා රජු එකළ භාවිතා කළ තාක්ෂණය පිළිබඳවයි. එහිදී අදහස් දක්වමින් ආන්ද්‍රා විශ්වවිද්‍යාලයේ උප කුලපති ජී නාගේෂ්වර් රාඕ (G Nageshwar Rao) පැවසුවේ හින්දු ආගමික වීර කාව්‍යයක් වන රාමායණයේ සඳහන් වන රාවණා නමැති රජුට ගුවන් යානා වර්ග 24 ක් අයත්ව තිබූ බවත්, ඒවා ගොඩ බැස්වීමට ශ්‍රී ලංකාවේද ඇතුළුව ගොඩබෑමේ ගුවන් පථ ජාලයක්ද පැවති බවයි. එසේම එකළ රාවනා රජුට ගුවන් යානා 24 ක් පැවති බවද උප කුලපතිවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුනා.

සමුළුවේදී අදහස් දැක්වූ තමිල්නාඩු ප්‍රාන්තයේ තවත් විශ්වවිද්‍යාලයක විද්‍යාඥයෙකු විසින් අයිසැක් නිවුටන් සහ ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ සොයා ගැනීම් වැරදි බවත්, ගුරුත්වාකර්ෂණ තරංග “නරේන්ද්‍ර මෝදි තරංග” යනුවෙන් නම් කළ යුතු බවත් සඳහන් කර තිබුණා.

රාවණා පිළිබඳව වාර්තා වන්නේ, ඉන්දීය වීර කාව්‍යයක් වන රාමායණය තුළය. එම රාමායණ කතාවට අනුව රාවණා රාමාගේ බිරිඳ පැහැරගෙන ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.‍ එහිදී, ‘දඬුමොණරය’ නමැති අහසින් ගමන් කළ හැකි ගුවන් යානයක් පිළිබඳව සඳහන් වී තිබේ. මෙම රාවණා සම්බන්ධයෙන් ඉන්දීය ජනතාව පවසන්නේ, “රාවණා යනු ඉතා බුද්ධිමත් ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයෙකු” බවය. කෙසේ වෙතත්, ඔහු අන්‍යයෙකුට අයත් බිරිඳක් පැහැරගෙන යාම හේතුවෙන් ඔහුගේ පිළිරුවකට ගිනි තබමින් අයහපත් මනුෂ්‍ය ස්වභාවය සංකේතවත්ව විනාශ කිරීමක් ද ඉන්දියාවේ චාරිත්‍රමය වශයෙන් වසරක් පාසා සිදු කෙරේ.

පසුගිය වසරේ එම චාරිත්‍රය ඉටු කරන අවස්ථාවේදී විශාල පිරිසක් දුම්රියේ ගැටීම අදාළ සම්ප්‍රදායට එරෙහි පුද්ගලයන් “ශාපයක්” ලෙස ද හැඳින් වුහ. මේ අතර, ශ්‍රී ලංකාවේ ජනතාව තුළ ද රාවණා සම්බන්ධයෙන් විවිධ මත පවතී. ඇතැම් පිරිස් රාවණාට අතිශය ගරු කරන අතර සීගිරි බලකොටුව පළමුවෙන් නිර්මාණය කරන ලද්දේ, රාවණා විසින් බවට ද මත පළ කරන පිරිසක් ද වෙති.රාවණා ඇල්ල, රාවණා ලෙන් විහාරය ආදී රාවණා යන නාමයට සම්බන්ධ ස්ථාන රැසක් ද ශ්‍රී ලංකාවේ ඇල්ල ප්‍රදේශය ආශ්‍රිතව තවමත් පවතී.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button