පළකල දිනය : Wed, Jan 9th, 2019

හමුදාපති කමට තව පියවරයි ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාවේ දෙවැනි පුටුවට

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි වශයෙන් මේජර් ජෙනරාල් ශ්‍රවේන්ද්‍ර සිල්වා මහතා පත්කර ඇති බව යුද හමුදාව කියයි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අද (9) මෙම පත්වීම සිදුකර ඇත.

බදවා ගැනීමේ පාඨාමාලා අංක 19 යටතේ 1984 මාර්තු මස 05 වැනි දින යුද හමුදාවට එක්ව ඇති ඒ මහතා 1985 නොවැම්බර් මස 16 දින අධිකාරියට පත්ව ඇත.
ශ්‍රවේන්ද්‍ර සිල්වා මහතා වන්නි මානුෂීය මෙහෙයුමේදී 58 වැනි සේනාංකයට අණදෙමින් ත්‍රස්තවාදයට එරෙහිව සුවිශේෂීය මෙහෙයක් ඉටුකළ දක්ෂ නිලධාරියෙකි.ඒ මහතා වීරවික්‍රම විභූෂණය, රණවික්‍රම, රණශූර, උත්තම සේවා ඇතුලු පදක්කම් රැසකින් ද පිදුම් ලබා ඇත.

Major General Shavendra Silva has been appointed as the new Chief of Staff of the Sri Lanka Army, stated the Sri Lanka Army.Silva is currently serving as the Adjutant General of Sri Lanka Army.He was the former Director of Operations, Sri Lanka Army and the General Officer Commanding, 58th Division. He has received some of the highest medals in the Sri Lankan armed forces, which includes the Weera Wickrama Vibhushanaya, Rana Wickrama Padakkama, Uttama Seva Padakkama and the Rana Sura Padakkama at once, a first in the Sri Lankan military history. He was the youngest promoted as a commanding officer.Accordingly, Major General Shavendra Silva will serve as the 53rd Chief of Staff of the Army.

  • 2.3K
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button