පළකල දිනය : Thu, Jan 10th, 2019

ඩීසල් පෙට‍්‍රල් මිල අඩු කෙරේ නව මිල ගණණ් මෙන්න

අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්ට්‍රල් සහ ඩිසල් ලීටරයක් රුපියල් 2කින් සහ සුපිරි ඩිසල් ලීටරයක් රු. 3 කින් පහත හෙලීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. මේ අනුව පිට පිටම සිවු වතාවක් ඉන්ධන මිල පහත හෙලීමට රජය කටයුතු කර ඇත.

කෙසේ වුවත් ගතවු සති දෙකක කාලයක් සිට ජාත්‍යන්තර වෙළදපලේ ඉන්ධන මිලෙහි වැඩිවීමේ ප්‍රවනතාවයක් පවතින බව මුදල් අමාත්‍යාංශය සඳහන් කර සිටියි. සිංගප්පුරුවේ බ්‍රෙන්ට් වෙළදපලේ බොරතෙල් මිල සහ සිංගප්පුරුවේ ෆ්ලැට්ස් වෙළදපලේ නිමි පෙට්‍රල් සඳහා වන මිල පසුගිය සති දෙකක පමණ කාලයක සිට වැඩිවෙමින් පවති. ඉකුත් වසරේ අවසන් වරට ඉන්ධන මිල වැඩිකරන ලද ඔක්තෝම්බර් 10 වෙනිදා වන විට ලෝක වෙළදපලේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 85ක් ව පැවති බවත් ඔක්තෝම්බර් 26 වනදා විට බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 58 දක්වා අඩු විය.

ඉකුත් දෙසැම්බර් 21 වන විට බොර තෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 52 දක්වා අඩු වූ බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි. කෙසේ වුවත් මේ වන විට ලෝක වෙළදපලේ බොර තෙල් බැරලයක විකුණුම් මිල අමෙරිකානු ඩොලර් 59 ද ඉක්මවා ගොස් ඇත.

As per the fuel price formula, the price of fuel will be reduced from midnight today (10), stated the Ministry of Finance.The prices of Petrol 92 Octane, 95 Octane and Auto Diesel per liter have been reduced by Rs 2.

However, the price of Super Diesel which is an environmental friendly fuel was reduced by Rs 3 per liter as it complies with Euro -04 Emission Standard as well.Fuel prices are reviewed every 10th day of the Month under the fuel pricing mechanism by the Government.

Although the prices were reduced today, the international oil prices tend to increase continuously from the second week of January onwards, stated the Ministry. The Ministry further stated that when the oil prices were upward revised on the last October 10, the price of a barrel of crude oil was US Dollar 85. It came down to USD 58 on October 26, and when the fuel prices were last reduced on December 21, the Crude oil price was USD 52.

However, from 2nd week of January 2019, the crude oil price and the prices of refined products are reported to be on the increase, according to the Ministry. The crude oil represented by BRENT price index and the refined petroleum prices represented by Singapore’s PLATTs price are moving upward and by January 10 it has gone up to 59 US dollars.

  • 1.5K
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button