පළකල දිනය : Fri, Jan 11th, 2019

දන්නේ නැහැ තරඟ දිනන හැටි මාලිංග තිත්ත උනත් ඈත්ත කියපු හෑටි මෙන්න

ශ්‍රී ලංකා කණ්ඩයමේ පිතිකරුවන් තවමත් තරඟ ජයග්‍රහණය කිරීමට නොදන්නා බව නායක ලසිත් මාලිංග පවසනවා. ඒ අද (11) පැවති ශ්‍රීලංකා නවසීලන්ත විස්සයි 20 තරඟයෙන් ලකුණු 35ක පරාජයක් ලද පසුවයි.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දු යැවීමට තිරණය කළ අතර, ඒ අනුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායමේ මුල්කඩුලු පහ ලකුණු 55ක් තුළ බිඳ දැමීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වුවත් නවසීලන්ත පසුපෙළ පිතිකරුවන් කඩා වැටුණු ඉනිම ගොඩ නැංවීය. සුපුරුදු පරිදි අවසන් පන්දු ඕවර කිහිපයේ ශ්‍ රීලංකා පන්දු යවන්නන් දැඩි ප්‍රහාරයට ලක්වූ අතර, අවසන් පන්දු ඕවර 10 පමණක් නවසීලන්තය ලකුණු 124ක් රැස් කළේය.

තරඟයෙන් අනතුරුව මාද්‍ය වෙත අදහස් දැක්වූ ලසිත් මාලිංග සඳහන් කළේ මෙවැන්නකි…

අපි 16 වනි පන්දු ඕවරය දක්වා හොඳින් කළා.නමුත් අවසාන පන්දුවාර 4 විශාල ලකුණු ප්‍රමාණයක් ලබාදුන්නා.ඒත් මම හිතන්නේ අපට මේ ලකුණු ප්‍රමාණය හඹා යන්න තිබුණා.අපේ පන්දු යවන්නෝ හොඳින් පන්දු යැව්වා.මම හිතන්නේ අපේ පිතිකරුවෝ දන්නේ නැහැ තරඟ ජයග්‍රහණය කරන්න.ඒ නිසා තමයි අප පරාජය වන්නේ.මේ සංචාරයෙන් බොහෝ දේවල් ඉගන ගැනීමට තිබෙනවා.

New Zealand won the only T20I against Sri Lanka by 35 runs held at Eden Park, Auckland. Out to chase 180, Sri Lanka got off to a bad start with Sadeera Samarawickrama departing on the first ball. But the early fall did little to deter Sri Lanka’s confidence as Niroshan Dickwella and Kusal Perera fired the side past 50. But Scott and Doug Bracewell picked up two quick wickets to pull things back for the hosts by the end of powerplay. Thisara Perera showed signs of resistance before Lockie Ferguson returned to take dismiss him and De Silva in the same over. The spinners took care of Sri Lanka’s lower order and the visitors were bowled out for 144.Earlier, big hitting from New Zealand’s lower order has seen the hosts reaching 179/7 in their full quota of 20 overs. Sri Lanka had earlier decided to bowl after winning the toss.

  • 1.8K
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button