පළකල දිනය : Fri, Jan 11th, 2019

මෛත‍්‍රී ජනාධිපතිවරණයට ආවොත් සහයෝගයක් නෑ දිනවන්න රාජපක්ෂවරයකු

මීළඟ ජනාධිපතිවරණයෙන් පසු මෛත්‍රීපාල සිරිසේන වත්මන් ජනාධිපතිවරයා ගේ ජීවිතය රැකෙන්නේ එම ජනාධිපතිවරණයට රාජපක්ෂවරයකු තරග කර ජනාධිපති වුවහොත් පමණක් බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා සඳහන් කරයි.

ඒ මහතා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.පසුගිය පළාත් පාලන මැතිවරණයේදී 47% ක් ලබාගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් වෙනවද නොඑසේනම් 14% ක් ලබාගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂක ඉදිරිපත් වන්නේ ද තීරණය ගැනීම ඉතා පහසු බව ද ඔහු කියා සිටියේය.

මීළඟ ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයින් ජයගතහොත් සිරිසේන ජනාධිපතිවරයා සහ ඔහුගේ පවුලේ ගේ ජීවිතය දැඩි අවදානමකට පත් වන බව ද ඔහු කියා සිටියේය. මේ අතර ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා එළැඹෙන ජනාධිපතිවරණයේදී අපෙක්ෂකයෙක් ලෙස තරග වදින්නේ නම් සහාය නොදක්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී සංසදය පවසයි.

සංගමය විසින් මෙම තීන්දුවට ඒකමතිකව කැමැත්ත පල කරන ලද බව හිටපු මධ්‍යම පලාත් සභා මන්ත‍්‍රි ප‍්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා කියයි.ඉදිරි පලාත් සභා මැතිවරණයට පොහොට්ටුව ලකුණින් තරග කිරීමටද තීරණය කරන ලද බව තෙන්නකෝන් මහතා සිය ට්විටර් ගිණුම ඔස්සේ කියා සිටී.

  • 1K
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button