පළකල දිනය : Sat, Jan 12th, 2019

ජනප්‍රිය රංගන ශිල්පී තාරුකාගේ විවාහයේ ලස්සනම ටික

තාරුකා වන්නිආරච්චි (10) දින විවාහ ගිවිසගෙන තිබෙනවා.ඇයගේ අතගත් මනමාලයා වන්නේ ජනක. එම උත්සවය Garton Ark නම් යාත්‍රා අවන්හලක පවත්වා ඇති බවයි වාර්තා වන්නේ. නව වසරේ යුග දිවියට පිවිසි තාරුකා වන්නිආරච්චිට හිටි ගොසිප් අපෙන් උණුසුම් සුබ පැතුම්! රංඟන ශිල්පිනියක ලෙස ඉතා ඉහළ දක්ෂතාවක් පෙන්වා ඇති තාරුකා සිනමාවේ දී වඩාත් කැපී පෙනුන චරිතයක්. පසුගිය දිනවල පුංචි තිරයට මෙන්ම රියැලිටි වේදිකාවටත් තාරුකාගේ දීප්තිය අඩු නැතිව ලැබී තිබුණා. ‌ ඓතිහාසික කතා තේමාවල් රැගත් නිර්මාණ බොහොමයකට තාරුකා වන්නිආරච්චිගේ රූපය ගැලපුණා සේම ඇය ජයන්ත චන්ද්‍රසිරිගේ මහරජ ගැමුණු සිනමා කෘතියේ වීර විහාරමහාදේවිය වන්නට තරම් වාසනාවන්ත වුණා. මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ අලි කතාව නම් සිනමා කෘතිය සඳහා ඔහුගේ තෝරාගැනීම වූයේ ද තාරුකා වන්නිආරච්චි. මෙලෙස නිර්මාණාත්මක සහ ජනප්‍රිය ටෙලිනාට්‍ය මෙන්ම සිනමා නිර්මාණ කිහිපයකට සම්බන්ධ වන්නට වාසනා කළ තාරුකා හිටිහැටියේ විවාහ වූ අපූරු පුවත මුලින්ම වාර්තා කරන්නේ නළු නිළියන්ගේ ගොසිප් පිළිබඳව හොඳින්ම දන්නා නිවේදකයකු වන රංඟන ද සිල්වා. රංඟන ඔහුගේ පෞද්ගලික සමාජ ජාල පිටුවේ තාරුකා සමඟ ගත් සෙල්ෆි ඡායාරූපයක් සමඟින් ඇයට සුබ පතා මේ සතුටුදායක පුවත හැමොටම දැනගන්නට සළස්වා තිබුණා. ඔහු සඳහන් කර තිබුණ පරදි ඒලෙස සිදුව තිබුණේ තාරුකාගේ විවාහ ගිවිස ගැනීම. කෙසේ වුණත් ඇය එම අවස්ථාවට මංගල ඇඳුමින් සැරසී සිටියා.

තාරුකාගේ විවාහ ගිවිස ගැනීම වැඩි සද්දබද්දයක් නැතිව සිදු වුණත් විවාහ උත්සවය නම් ‌එහෙම හොර රහසේ ගන්න බැරිවෙයි. මොකද දැන් තාරුකාට ඒ ප්‍රශ්නයට හංගන්නේ නැතිව උත්තර දෙන්නම සිදුවෙනවානේ. කොහොමින් කොහොම හරි කමක් නෑ නව වසරේ ඉස් ඉස්සෙල්ලාම මංඟල සීනු හැඬවුණ තාරුකාට සුබ මංඟල්‍යයක් වේවා කියලා අපි විශ් කරනවා. මේ ආරංචිය නව වසරේ විවාහ වෙන්න බලාගෙන සිටින අපේ කලාකරුවන්ට ලබා දූන් හොඳ ආරම්භයක් වේවි. බලමුකෝ තාරුකාගේ අඩිපාරේ යන ඊළඟ රංඟන ශිල්පියා හෝ ශිල්පිනිය කවුරු වේවිද කියලා.

Lovely captures Tharuka and Janaka’s Engagement. Groom’s Outfit Grooms Art Photography Studio Cloudy Dressed by Harshana Kasun Senanayeka Bride’s Outfit @Chamil Udayanga Jewellery Shemanthi Fernando Groom’s Hair – Salon Liyo Discover the true elegance in you with a suit designed from Grooms Art Men’s Wear Design Studio.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button