පළකල දිනය : Sat, Jan 12th, 2019

ජනපති ආණ්ඩුව ගැන විශ්වාසයක් නොතබයි පොහොට්ටුව විවේචනය නොකරනු

නව වසරේ දී ග්‍රාමශක්ති වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේදී මහ ඇමතිවරුන් සිටින පළාත්වල ඔවුන් සමග සාකච්ඡා කර ඉලක්ක සම්පූර්ණ කර ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආණ්ඩුකාරවරුන් සහ පළාත් ප්‍රධාන ලේකම්වරුනට උපදෙස් දුන්නේය.

මහ ඇමැතිවරුන් නැති පළාත්වල තමන්ගේ කාර්ය ප්‍රධානීන් සමඟ එම කටයුතු සිදු කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය. ජනාධිපති ලේකම් කාර්යාලයේදී පලාත් ආණ්ඩුකාරවරුන් හා පළාත් ලේකම්වරැුන් ඇතුළු නිලධාරීන් සමග පැවති සාකච්චාවකදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත.

මේ අනුව ජනාධිපතිවරයා යටතේ ක්‍රියාත්මක වන ‘ග්‍රාම ශක්ති’ වැඩපිළිවෙළ පළාත් ආණ්ඩුකාරවරු සහ පළාත් සභා ය මගින් ක්‍රියාත්මක කරවීමට ජනාධිපතිවරයා කටයුතු කරන ආකාරයක් නිරීක්ෂණය වෙයි. එනම් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් මධ්‍යම ආණ්ඩුව හරහා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක නොකිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව පෙනි යයි.

මේ අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්ව ගොඩනැගෙමින් ඇති නව සන්ධානය කඩාකප්පල් වන ආකාරයේ ප්‍රකාශ නිකුත් නොකරන්නැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ශ‍්‍රීලනිප ඉහළ නිලධාරීන් පිරිසකට දන්වා තිබේ.

ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණ විවේචනය කරමින් ශ‍්‍රීලනිප ප‍්‍රධානීන් විසින් ආසන්න දින කිහිපයේදී අදහස් පල කිරීම නිසා ගැටළුකාරී තත්වයක් ඇතිව තිබෙන බවද ජනාධිපතිවරයා පවසා ඇත. ශ්‍රීලනිපයේ ඉහලම තනතුරු හොබවන මන්ත්‍රීවරුන් තිදෙනකුද මෙසේ අවවාද ලැබූ පිරිස අතර සිටින්නේ යයිද වාර්තා වෙයි.

  • 834
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button