පළකල දිනය : Tue, Jan 15th, 2019

මං මුදල් ලේකම් වුනොත් මාස 03න් සියලු ප්‍රශ්න විසදනවා

ශ්‍රී ලංකාවේ ලොකුම ධන කුවේරයා වන මේවට ශ්‍රී ලංකාවේ සමාගම් 200 කට වැඩි ප්‍රමාණයකට හිමිකම් කියන ධම්මික පෙරේරා මහතා ඊයේ දෙරණ 360 වැඩසටහනට සහභාගී වෙමින් කියා සිටියේ ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධුරය ලබා දුනහොත් මාස තුනකින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය නිසි මගට ගැනීමට හැකි බවත් මේ වන විටත් තමාගේ මොළයෙන් භාවිතා කරන්නේ 5%ක් පමණක් බවත්ය.

තමා මුලින්ම ව්‍යාපාර ක්ෂේත්‍රයට යොමු වූයේ කොටස් වෙළඳපොළ හරහා බව ඔහු පැවසුවද ඊට අවශ්‍ය මුල් ආයෝජන මුදල් උපයා ගත් ආකාරයන් සම්බන්ධව කිසිත් සඳහන් නොකිරීම විශේෂත්වයකි. ඒ ගැන සෘජුවම වැඩිදුර ප්‍රශ්න නොකිරීමටද දෙරණ නිවේදිකාව වග බලාගත්තේය. ධම්මික පෙරේරා කෝටිපතියකු වූයේ කොටස් වෙළෙඳපොළ හරහා යයි මුළු කතා කතාව පුරාම පැවසූවත්ල තමන්ට හිමි කැසිනෝ ව්‍යාපාරය සම්බන්ධ ව කිසිත් කරුණු හෙළි නොකලේය. එමෙන්ම මෙරටේ ඇති ප්‍රධානතම කැසීනෝ සමාගම් 2 ක වන ‘බැලේස්’ සහ ‘බෙලාජි’ වර්තමාන අයිතිකරුද ඔහුය.

මහින්ද රාජපක්ෂ යුගයේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ධූරයද ඉන්පසුව එම යුගයේ ම ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් ධූරයට ද ඔහු විසින් දරනු ලැබීය. තම සමාගම් වල ප්‍රධාන නිලතල තනතුරු හොබවන පුද්ගලයන්ට ආයතනයන් ලාබ උපයා දීමට වසරක් පමණක් ලබා දෙන අතර එසේ නොහැකි වුවහොත් ගන්නා පියවර සම්බන්ධයෙන් කිසිත් ප්‍රකාශ නොකලේය. එමෙන්ම යම් සමාගම් ප්‍රධානියකු වැරදිලා හෝ තමා මුනගැසුන අවස්ථාවක ආයතනයේ නාමය වෙනස් කිරීමට උත්සාහ කළොත් ඒ ඔහු තමා හමුවන අවසාන දවස බවත් පැවසීය.

වර්තමානයේ මෙරට අමාත්‍යාංශ තිහක් ඇති බවත් ඒ සම්බන්ධයෙන් ඕනෑම ප්‍රශ්නයක් තමා ගෙන් අසන ලෙස ඉල්ලා සිටි ඔහු කෘෂිකර්ම ක්ෂේත්‍රය සම්බන්ධව පැනයකට පිළිතුරු දෙමින් කියා සිටියේ මෙරටේ කෘෂිකර්ම කේෂ්ත්‍රයට විශාලතම සේවය කොට ඇත්තේ ජනාධිපති සිරිසේන මහතාගේ සොහොයුරු ඩඩ්ලි සිරිසේන මෙන්ම අඹ වර්ගයක් හදුන්වා දුන් ටොම් එල්ලාවල බවත්ය. කෘෂිකර්මය දියුණු කිරිමට පරිඝණක ඇප් එකක් මාර්ගයේන් පමණක් කල හැකි බවත් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධුරය තම අනාගත බලාපොරොත්තුවක් බවත් ධම්මික පෙරේරා මහතා පැවසීය.

Derana 360 with Dammika Perera

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button