පළකල දිනය : Mon, Feb 11th, 2019

මුරලි මහ රෑ ජනපති මෛත්‍රී හමුවූයේ ඇයි..? මෙන්න රහස

හිටපු සුපිරි ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර විශේෂ හමුවක් පසුගිය දිනෙක රාත්‍රියේ ජනාධිපති නිවසේදී සිදුව ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපතිවරයා හා මුරලිදරන් පමණක් සහභාගී වූ අතිශය පෞද්ගලික හමුවක් වූ මෙහිදී ඉදිරි ජනාධිපතිවරණයේ වතුකර ඡන්ද හැසිරීම ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

වතුකර ජනතාවගේ රුපියල් 1000/- වැටුප් ඉල්ලීම ඉටුකර දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් මෙහිදී ඉල්ලා ඇති මුරලිදරන් එම ඉල්ලීම ඉටු කළහොත් ජනාධිපතිවරයාට වතුකරයෙන් යහපත් ප්‍රතිචාර ලබාදීමට තමන් මැදිහත් වන බවද ප්‍රකාශ කර ඇතැයි කියැවේ.

ජනාධිපතිවරයා මුරලි විසින් කරන ලද ඉල්ලීමට මැදිහත්ව ක්‍රියා කරන බව අනතුරුව ප්‍රකාශ කර තිබේ.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button