පළකල දිනය : Tue, Feb 19th, 2019

තරුණ තරුණියන් වශී කරගත් ටික් ටොක් ඇප් එක තහනම් වෙන ලකුණු..!

ලොව පුරා තරුණ තරුණියන් අතර අතිශය ජනප්‍රියව පවතින ටික් ටොක් ඇප් සමාජ මාධ්‍ය ජාලයක් තහනම් කිරීමට සැරසෙන පුවතක් ඉන්දියානු මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ටික් ටොක් ඇප් සමාජ මාධ්‍ය ජාලය හරහා සංස්කෘතික වටිනාකම් දිගින් දිගටම විනාශයට පත්වීම නිසා මෙම තීරණය ගෙන ඇති බවයි එම මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබුණේ.

දිගින් දිගටම සිදුවන එවැනි ක්‍රියා හේතුවෙන් මෙලෙස ටික් ටොක් ඇප් සමාජ මාධ්‍ය ජාලය තහණම් කිරීමට සූදානම් වන බව පැවසෙන්නේ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රදේශයෙන්. මීට පෙරද සියදිවි හානි කරගැනීමේ අවධානමක් ඇතිවීම හේතුවෙන් බ්ලූවේල් ක්‍රීඩාවද තහනම් කිරීමට තමිල්නාඩු ප්‍රාන්ත රජය තීරණය කර තිබුණා.

තමිල්නාඩුව ප්‍රාන්තයේ තොරතුරු තාක්ෂණ අමාත්‍ය අමාත්‍ය එම්. මානික්කනාදන් (M.Manikandan) ප්‍රකාශ කරන්නේ දමිල සංස්කෘතියට සම්බන්ධ කරුණු වලදී ටික් ටොක් ඇප් හරහා දැඩි හානියක් සිදුව ඇති බවයි.

මේ අතර ඉන්දුනීසියානු රජය විසින් 2018 ජූලි 3 වැනිදා ටික් ටොක් සදහා තහනමක් පනවනු ලැබුවා. ඒ දර්ශන සහ අවමන් කිරීම් ආදී දර්ශන ටික් ටොක් වීඩියෝ හරහා ජනප්‍රිය වීමත් සමඟයි. කෙසේ නමුත් ටික් ටොක් පරිපාලනය විසින් එවැනි අහිතකර අන්තර්ගතයන් ඉවත් කර සතියක් ඇතුළත නැවත ඇප් එක විවෘත කිරීමට කටයුතු කරන තිබුනා

ටික් ටොක් ඇප් සමාජ මාධ්‍ය ජාලය සමඟ මේ වන විට ලොව පුරා මිලියන 500ක සක්‍රිය ග්‍රාහකයන් පිරිසක් සිටිනවා.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button