පළකල දිනය : Mon, Mar 18th, 2019

ආසාවන් ඉටුකරලා දන්නෙම නතුව තට්ටුව දාන තරුණයින් මේන්න

තරුණයින් දෙදෙනකු මෙහෙයවමින් උපක්‍රමශීලීව ධනවත් තරුණයින්ගේ ස්වර්ණාභරණ කොල්ල කෑමේ යෙදුන 21 හැවිරිදි තරුණ කාන්තාවක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. මෙම කාන්තාව මීරිගම බාඳුරාගොඩ ප‍්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර, අමන්දොළුව ප‍්‍රදේශයේ නේවාසිකාගාරයක තාවකාලිකව ලැගුම්ගෙන රැදීසිටිමින් මෙම මංකොල්ල කෑම් සිදුකර තිබේ. ඇයගේ කණ්ඩායමේ අනෙක් සාමාජිකයින් සීදූව හා ආඩිඅම්බලම ප‍්‍රදේශයේ තරුණයන් දෙදෙනෙකි.

අදාල කාන්තාව වැඩි වශයෙන් රත්තරන් පැලඳවා සිටින තරුණයන් සමග උපක්‍රමශීලීව පෙම් සබඳතා ඇතිකර ගෙන ඉතා කෙටි කාලයක් තුළ වීදිලාම්පු නැති ජනතාව නොගැවසෙන ප‍්‍රදේශයන් වෙත ගෙන්වා ගෙන තම පහස ලබාදී, ඒ අතරතුර තරුණයන් දෙදෙනා යොදවා ආයුධ පෙන්වා බියගන්වා ඔහු සතු රන් ආභරණ කොල්ල කා තිබේ.

දෙදෙනා පෙම්සුව විඳිමින් අඳුරේ සිටන අවස්තාවන්වල අදාල කාන්තාව තම දුරකථනයෙන් ඇමතුමක් ගැනීමට සැරසෙන බවක් පෙන්වා, එහි යම්දෝෂයක් පවතින බව පවසා පෙම්වතාගේ දුරකථනයේ ඇති ටෝච් එක දල්වන්නැයි පවසන බවයි තොරතුරු වාර්තා වන්නේ. එම විදුලි පන්දම් ටෝච් ආලෝකය දැල්වීමෙන් දැනුවත්වන ආසන්නයේ රැඳී සිටින තරුණයන් දෙදෙනා ආලෝක සංඥාවෙන් අනතුරුව එම ස්ථානයට පිවිස තරුණයා බියවද්දවා ගෙල ප‍්‍රදේශයට පිහයක් තබා ගෙලබැදි රන්මාල සහ අත්පලදනා මුදු වැනිදේ රැගෙන යාම සිදුකර තිබේ.

පසුව බියට පත්වන තරුණයා සමග තම දුක බෙදාගන්නා කාන්තාව පසුව යලිත් මුණගැසීමේ බලාපොරොත්තුවද තරුණයාට ලබාදී පිටව යාමයි සිදුව ඇත්තේ. එකම ලෙසට සිදුවන මෙම කොල්ලකෑම් පිළිබඳව සීදූව පොලීසියට අනාවරණයවී උපාය දූතයෙක් යොදවා වෙළෙද කලාපය ආශ‍්‍රිතව අවරිවත්ත ප‍්‍රදේශයේ රැකවල්ලා සිටිමින් සිදුකළ වැටලීම මතයි එම කාන්තාව සහ තරුණයන් දෙදෙනා අත්අඩංගුවට පත්ව ඇත්තේ.

බස්නාහිර උතුර බාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණය මත “කෙලින්ම කියන්න“ වැඩසටහන මත ලඳ තොරතුරු ඔස්සේ මීගමුව කොට්ඨාසය බාර ජේශ්ඨ පොලිස් අධිකාරි චන්ඳන අතුකෝරාල මහතා සහකාර පොලිස් අධිකාරී තුන සමන්ත ජයවර්ධන මහතාගේ මෙහෙය වීමෙන් සීදූව පොසීයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ශී‍්‍රනික සංජීව ජයකොඩි මහතාගේ උපදෙස්මත සීදූව පොසීයේ අපරාධ අංශයේ ස්ථානාධිපති සමීර රත්නායක, පොලිස් සැරයන් 57431 මහින්ද, පොලිස් සැරයන් 47224 පී.එම්.එච්.ජී. රණසිංහ, පොලිස් කොස්තාපල් 90389 ප‍්‍රියදර්ශණ, පොලිස් කොස්තාපල් 60302 මංජුල යන නිලධාරීන් විසින් වැටලීම සිදුකරන තිබේ.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button