පළකල දිනය : Mon, Mar 18th, 2019

රට රකින අපේ උන්ට හදිස්සියකට රට යන්න බැ ගියොත් ඇතුලේ

හිටපු බල සේනාධිපතිවරු හය දෙනෙක් ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් 67 ක් අත්අඩංගුවට ගෙන ඔවුන්ට නඩු පැවරීම සඳහා ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලට් විසින් රටවල් 17 කට අනුමැතිය දී ඇත. විශ්ව අධිකරණ පද්ධතිය යටතේ මොවුන් එම රටවලට පැමිණියහොත් තම ඉල්ලීම ක‍්‍රියාත්මක කරන ලෙස ඇය සඳහන් කර තිබේ.ශවේන්ද්‍ර සිල්වා, ජගත් ඩයස්, ප‍්‍රසන්න සිල්වා, චාගි ගාල්ලගේ, කමල් ගුණරත්න සහ ජගත් ජයසූරිය යන බලසේනාධිපතිවරු ඇතුළු 67 කට එල්ල වී ඇති යුද අපරාධ චෝදනා මත ඇය මෙම අනුමැතිය දී ඇත.

මෙයට පෙර කිසිදු මානව හිමිකම් කොමසාරිස්වරියක් ස්වෛරී රටක හමුදා නිලධාරීන්ට එරෙහිව මෙවන් නියෝගයක් දී නැත.මිචෙලි බැචලට්ගේ මෙම නියෝගය ක‍්‍රියාත්මක කිරීම සඳහා රුසියාව, පාකිස්තානය, ඉන්දියාව සහ චීනය එකඟ වී නොමැත.එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු නිලධාරිනියක් වූ යස්මින් සුකා විසින් මානව හිමිකම් කොමසාරිස්වරියට යොමු කළ නාම ලේඛනයක් මත මිචෙලි බැචලට් ශ‍්‍රී ලාංකික හමුදා නිලධාරීන්ට එරෙහිව ක‍්‍රියා කිරීමට තීන්දු කර ඇත.එහෙත් මෙම හමුදා නිලධාරීන්ට එල්ල වී ඇති යුද අපරාධ චෝදනාවල සාක්‍ෂිකරුවන් කොටි ත‍්‍රස්තවාදීන් බව හෙළි වී ඇත.

මේ අතර යුද හමුදාවට නායකත්වය දුන් හිටපු බල සේනාධිපතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගෙන නඩු පැවරීමේ සූදානමක් ඇතැයි කිසිදු නිල වාර්තාවක් නොමැති බව ආරක්ෂක අමාත්‍යංශය පවසනවා.ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු පැවසුවේ මේ පිළිබඳ ඇතැම් මාධ්‍ය වාර්තා පමණක් පළ වී ඇති බවයි. කෙසේවෙතත් එම වාර්තා පිළිබඳ ආරක්ෂක අමාත්‍යංශයේ අවධානය යොමුවූ බව ද ලේකම්වරයා ප්‍රකාශ කළා.

හිටපු බල සේනාධිපතිවරුන් 06 දෙනෙකු ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් 67 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඔවුන්ට නඩු පැවරීම සඳහා මානව හිමිකම් මහ කොමසාරිස්වරිය රටවල් 17කට අනුමැතිය ලබාදී ඇති බව ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණා. එහෙත් එවැන්නක් සිදු වන්නේ නම් ඒ පිළිබඳ විදේශ කටයුතු අමාත්‍යංශය නිල වශයෙන් දැනුවත් කළ යුතු බවයි ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු කියා සිටියේ. එවැනි දැනුවත් කිරීමක් සිදු වූයේ නම් අනිවාර්යෙන්ම ආරක්ෂක අමාත්‍යංශය ද දැනුවත් කරන බව ඔහු අවධාරණය කළා.

  • 763
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button