පළකල දිනය : Tue, Mar 19th, 2019

ජෝන් සීනා වගේ ලංකාවේ සුපිරි වැඩ්ඩා

අමරිකානු මිශ්‍ර සටන් කලාවේ (MMA) සටන් බිම හෙල්ලූ ශ්‍රී ලාංකිකයෙකු ගැන මේ දිනවල ටිකක් කතාවක් ඇතිවී තිබෙනවා.

සචින්ත කෝබ්‍රා හෙවත් ‘හක්ක තලන්නා’ ලෙස ප්‍රසිද්ධ වී ඇති මොහු මික්ස් මාෂල් ආර්ට් සටන්කරුවෙක්.

ලංකාවට සම්පූර්ණයෙන්ම ආගන්තුක වූ මේ ක්‍රීඩාවේ නියැලෙන සචින්ත මේ වනවිට ජීවත් වන්නේ ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර.

අමෙරිකානු මාධ්‍ය අද ඔහුව හඳුන්වන්නේ සචින්ත සෙනරත් හෙවත් Cobra Jaw Breaker නැතිනම් ‘ ‘කෝබ්‍රා නම් හක්ක තලන්නා’ ලෙසින්.

සචින්ත නිවියෝර්ක් සටන් දක්ෂතා පෙන්වන්නේ ඔහුටම ආවේනික ශෛලියකින් වීම විශේෂත්වයක්.

තවමත් 23 හැවිරිදි වියේ සිටින සචින්ත සටන් බිමේ අපරාජිතයෙක්.

සචින්තගේ පියා සරදා තිස්ස සෙනරත් වන අතර ඔහු ගුවන් හමුදා නිළධාරියෙක්.

මව කුඩා කාලයේදීම ඔවුන් හැර ගොස් ඇති අතර අධ්‍යාපනය ලබා ඇත්තේ ගේට්වේ ජාත්‍යන්තර පාසැලෙන්.

පාසැල් යන කාලෙයේදී පිහිනුම්, කරාටේ සහ ජූඩෝ ක්‍රීඩා කල ඇති ඔහු අවුරුදු 15 දී ජාතික ජූඩෝ කණ්ඩායම නියෝජනය කර තිබෙනවා.

අඩි 6 යි අඟල් 5 ක් උස සචින්ත පාසැල් ජීවිතයෙන් පසු නිරූපන ශිල්පියෙකු ලෙස කටයුතු කර තිබෙන බව සඳහන්.

සචින්ත පවසන ආකාරයට ඔහු මේ ක්‍රීඩාවට යොමුවන්නේ යාළුවෙක් නිසයි.

ඩිශෝන් රවීන්ද්‍රන් කියන යාළුව එදා කළ මග පෙන්වීම නිසා සචින්ත මේ තැනට ආව කියල තමයි ඔහු කියන්නේ.

අවුරුදු19 වෙන කොට ඇමරිකාවේ ග්‍රීන් කාඩ් ලැබුන සචින්ත නිව්යෝර්ක් වලට ආවම ඊශ්‍රායෙල් ජාතික පුහුණුකරුවෙකු හමුවී තිබෙනවා.

Freddy Mihelson නම් ඔහු හිටපු professional MMA fighter කෙනෙකු වන අතර දැන් ඔහු සමග UFC Gym (Ultimate Fighting Champion Training Gym) එ‌කේදී සචින්ත පුහුණුවීම් කරනවා.

කෙනෙක් MMA ක්‍රීඩාවට යොමු වූ පමණින් Conor McGregor වැනි ප්‍රවීනයන් සමග තරග කල හැකි පසුබිමක් නොමැති අතර ඒ සඳහා කඩඉම් ගණනාවක් පසුකළ යුතුයි.

Ametuer Tournamant කියන්නේ එහි පළමු කඩඉම. එම තරඟ හතෙන් 07ම සචින්ත ජයග්‍රහණය කර තිබෙනවා.

සචින්ත මේ වන විට සිටින්නේ ලයිට් හෙවි වේට් බර පංතියේ MMA Triton Fights වලට සහභාගී වෙමින් කියල ඔහු පවසනවා.

එම තරඟ වලදීත් තවමත් සචින්ත අපරාජිත වන අතර දැනට තරග 02ක් ජයග්‍රහණය කොට තිබෙනවා.

එකක් ජය පරාජයෙන් තොරව අවසන්ව ඇති අතර ඊලඟ තරගය අප්‍රියෙල් 12 වනදා නිව්යෝර්ක් හි දී පැවැත්වීමට නියමිතයි.

ට්‍රයිටන් තරඟවල ශූරතාවය දිනා ගැනීම තුලින් Ultimate Fighting Champion) තරඟ සඳහා ඉදිරිපත් වීමට හැකි වෙන අතර UFC සටන් බිම තමයි MMA ක්‍රීඩාවේ මුදුන් මල්කඩ බවට සචින්ත මාධ්‍යට පවසා ඇත්තේ.

ඔහු පවසන පරිදි WWE wrestling කියන්නේ ක්‍රීඩාවක් නොවන අතර එය විනෝදාශ්වාදය (Entertainment) සඳහා රූ ගත කරන වැඩසටහනක්.

අන්ඩර්ටේකර් , ජෝන් සීනා වැනි ප්‍රකට පුද්ගලයන් ක්‍රීඩකයන් නොවන බව සඳහන් කරන සචින්ත පවසන්නේ ඔවුන් නළුවන් බවයි.

ඔවුන් කරන්නේ ද්වන්ධ සටනක් නොව රඟපෑමක් බව පවසන ඔහු කියන්නනේ WWE wrestling කියන්නේ පැහැදිලිවම චිත්‍රපටියක්, ටෙලිනාට්‍යයක් වගේ එකක් බවයි.

තාත්වික කිසිවක් එහි නොමැති නමුත් MMA UFC කියන්නෙ ක්‍රීඩාවක් බව පවසන සචින්ත ඒ තුල සිදුවන සියල්ල තාත්විකයි.

හැපීම, සීරීම සහ ලිංගේන්ද්‍රියට පහරදීම තහනම් වන අතර ඉන් බැහැර ඕනෑම ප්‍රදේශයකට පහර දිය හැකියි.

MMA UFC කියන්නෙ නියම ‘ප්‍රහාරකයා’ කවරෙක්ද යන්න උරගා බලන සටනක් කියල තමයි ඔහු පවසන්නේ.

ඉතින් සචින්ත සෙනරත් හෙවත් ‘කෝබ්‍රා නම් හක්ක තලන්නා’ තවදුරටත් ලංකාවේ නම ජාත්‍යන්තරයට එකතු කරාවි.

  • 3K
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button