පළකල දිනය : Tue, Mar 19th, 2019

ස්වරණවාහිනී සජීව විකාශය ඇණහිටී.. සේවක විරෝධතා ඇවිලේ…

මෙරට රුපවාහිනී නාලිකාවක්වන ස්වර්ණවාහිනී නාලිකාවේ අද (19) උදැසන සිට සජීවි වැඩසටහන් විකාශනය නොවන බව වාර්තා විය.

ආයතන කළමනාකාරිත්වය විසින් එහි සේවකයින් පිරිසක් සේවයෙන් පහ කිරිම මුල් කරගනිමින් ආයතනයේ අනෙක් සේවකයින් වැඩසටහන් නිෂ්පදනයෙන් ඉවත් වි සිටිම මෙයට හේතු වි ඇත.

එම ගැටලු විසඳා ගැනීම සඳහා පසුගියදා සේවකයින් එක්ව වෘත්තීය සමිතියක් පිහිටුවා ඇත. එක මෙරට පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය ආයතනයක බිහි වූ ප්‍රථම වෘත්තීය සමිතිය වේ. එම වෘත්තීය සමිතිය ඊයෙ පැවැත්වූ සාමජික හමුවකින් අනතුරුව අද උදෑසන සේවකයින් 15දෙනෙකුගේ සේවය අත්හිටුවා තිබේ. ඒ අනූව උදෑසන සේවය වාර්තා කල සේවකයින් 15 දෙනෙකු හරවා යවා ඇති අතර එම හේතුවෙන් අද දින ස්වර්ණවාහිනී සජීවී උදෑසන වැඩසටහන් විකාශය සිදුනොවුනි.

මෙලෙස ඉවත්කර ඇති සේවකයන් අතර ලයිව් ඇට් සෙවන් (Live at 7) ප්‍රවෘත්ති අංශයේ නිවේදක නිවේදිකාවන් පිරිසක්ද සිටින බව වාර්තා විය.

මිට අමතරව වැඩසටහන් නිශ්පාදන අංශයේ සේවකයන් දෙදෙනෙකුද සේවයෙන් ඉවත්කර ඇති බව වාර්තා විය.

අද දින සේවය අත් හිටුවා ලිපි එවා ඇත්තේ නව පාලනාධිකාරියේ ජයසීල නැමැත්තෙකු වුවද අදාල ලිපියේ කිසිදු නිල නාමයක් සඳහන් කර නැහැ. ඊයේ පැවති වෘත්තිය සමිති රැස්වීමේදී සියලු දෙනා ඒකමතිකව තීරනය කර තිබුනේ අදාල විධායක නිලධාරියා සමග තවදුරටත් සේවය කල නොහැකි බවයි. මේ බව දැනුවත් කර ස්වර්ණවාහිනී සමස්ත සේවක වෘත්තිය සමිතිය මගින් පාලනාධිකාරිය වෙත ලිපි යවා තිබෙන අතරතුරයි මෙම තත්වය මතුව තිබෙන්නේ.
මෙ වන විට එම නාලිකාවේ පෙර පටිගත කරන ලද වැඩසටහන් විකාශය කරන බවද වාර්තා වේ.

  • 1.2K
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button