පළකල දිනය : Sat, Mar 23rd, 2019

ආර්ථිකය ගොඩගන්න දේපළ විකිණීමට යන පාකිස්තාන අගමැති

පාකිස්තාන රජයේ බිඳ වැටෙමින් පවතින ආර්ථිකය ගොඩගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සපයාගනු පිණිස එරට රාජ්‍ය ඇමැතිවරුන්ගේ හා ඔවුන් යටතේ පවතින දෙපාර්තමේන්තුවල අතිරේක දේපළ විකිණීමට එරට කැබිනට් මණ්ඩලය අඟහරුවාදා අනුමැතිය පළ කළේය.

එමගින් රුපියල් ප්‍රකෝටි ( ට්‍රිලියන) ගණනක ආදායමක් ඉපැයීමට හැකි වේ යැයි රජය අපේක්ෂා කරන බව තොරතුරු ඇමැති ෆාවඩ් චෞද්‍රි ජනමාධ්‍යවේදීන් ඉදිරියේ ප්‍රකාශ කර තිබේ.

විකිණිය යුතු අමාත්‍යාංශ වත්කම් පිළිබඳ ලේඛනයක් අගමැති ඉම්රාන් ඛාන් විසින් සලකාබලමින් සිටින බවද ඔහු පවසා ඇත.

ඇතැම් අමාත්‍යංශ මේ වනවිටත් විකිණීමට යෝග්‍ය දේපළ පිළිබඳ ලේඛන කැබිනට් මණ්ඩලය වෙත එවා ඇති බව ඔහු තවදුරටත් දැනුම් දුන්නේය.

2017 දෙසැම්බරයේදී ශේ‍ර්ෂ්ඨාධිකරණය විසින් වංක භාවය මත සුදුසුකම් අහිමි කරනු ලැබූ පාකිස්තාන ටෙහ්රීක්-අයි-ඉන්සාෆ් පක්ෂයේ නායක ජෙහන්ගිර් ටරීන්, දිගු කලකට පසු කැබිනට් මණ්ඩලය ඉදිරියේ පෙනී සිට රුපියල් බිලියන 290ක් වටිනා ජාතික කෘෂිකාර්මික හදිසි අවස්ථා වැඩසටහනක් යෝජනා කර තිබීම කැපී පෙනෙන කරුණක් විය.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button