පළකල දිනය : Sat, Mar 23rd, 2019

රොෂාන් 44 සමරද්දී බිරිඳගෙන් ලොකු තෑග්ගක්

ලංකාවේ ඉන්න ජනප්‍රිය, ප්‍රවීණ රංගන ශිල්පියෙක් වුන රොෂාන් පිලපිටිය ඔන්න පෙරේදා තමන්ගේ උපන්දිනය සමරලා තිබුනා.

රොෂාන්ගේ ආදරණීය බිරිඳ රිද්මා ලස්සන පුංචි උපන්දින සාදයක් සංවිධානය කරලා ඔහුව පුදුම කරන්නත් අමතක කරලා තිබුණේ නෑ. කොහොම වුනත් ඒ සැමරීම අතරතුර ගත්ත ලස්සන ඡායාරූප කිහිපයක් වගේම පුංචි වීඩියෝ එකකුත් රිද්මා එයාගේ ෆේස්බුක් ගිණුමට එකතු කරලා තිබුනා.

රොෂාන්ගේ යාලුවෝ වගේම ප්‍රේක්ෂකයින් බොහෝ ප්‍රමාණයක් ඒ හරහා උපන්දින සුබ පැතුම් එකතු කරලා තියන හැටිත් දැකගන්න පුළුවන්. ඒ අතරේ මේ පාර රොෂාන්ගේ උපන්දිනයට බිරිඳ ලොකුම ලොකු තෑග්ගක් දෙන්න ඉන්නවා කියලා තමයි ආරංචිය.

රොෂාන්ව ආදරණීය තාත්තා කෙනෙක් කරමින් ඔවුන්ගේ කැදැල්ලට එන්න ඉන්න පුංචි පැටියා තමයි රොෂාන්ට ලැබෙන මේ ලොකුම ලොකු තෑග්ග.

ඉතින් තමන්ගේ ආදරණීය බිරිඳ මවක් වෙන්න යන මේ සුබ ආරංචිය රොෂාන් පහුගිය දවසක බිරිඳ එක්ක සහභාගී වුන රූපවාහිනී වැඩසටහනකදී තමයි මුලින්ම මාධ්‍යට කියල තිබුනේ.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button