පළකල දිනය : Fri, Mar 29th, 2019

කංජිපානි ඉම්රාන් රහස් පොලිසියේදී හඬා වැටේ

පාතාල නායක මාකඳුරේ මදුෂ් සමග ඩුබායි පොලිසිය විසින් එරට දී අත්අඩංගුවට ගන්නා ලද කන්ජිපානි ඉම්රාන් ශ්‍රී ලංකාවට ඊයේ දිනයේ පිටුවහල් කර එවා තිබිණ.

කටුනායක ගුවන්තොටුපොළේ දී ඔහු මාලදිවයින බලා නැවත පලායාමට උත්සහ දරමින් සිටියදී පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

ඊයේ දිනයේ පොලිස් රහස් පොලිසිය විසින් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව වැඩිදුර පරීක්ෂණ සඳහා අත්අඩංගුවට ගත් ඔහු කොළඹ අපරාධ කොට්ඨාශය වෙත භාරදී ඇති අතර ඔහුගෙන් තවදුරටත් ප්‍රශ්න කෙරෙමින් තිබේ.

මේ අතර වාර්තා වන්නේ රහස් පොලිසිය විසින් සිදුකරන ලද ප්‍රශ්න කිරීම් වලදී කන්ජිපානි ඉම්රාන් අවස්ථා කීපයක දී හඬා වැටුණු බවයි.

තම විවාහක බිරිඳ ඝාතනය කිරීම සම්බන්ධයෙන් කන්ජිපානි ඉම්රාන්ට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ප්‍රශ්න කරද්දී ඔහු වැඩි වශයෙන් හඬා වැටුණු බවද පොලිස් ආරංචි මාර්ග වාර්තා කරයි.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button