පළකල දිනය : Sun, Mar 31st, 2019

සනුක හැංගි හොරා කරපු වැඩ දැන් පෙම්වතිය එක්ක ප්‍රසිද්ධියේම

දැන් මේ කියන්න යන්නේ ලංකාවේ තාරුණ්‍යය වසඟයට ගත්ත ජනප්‍රිය ගායන ශිල්පියෙක් වුන් සනුක වික්‍රමසිංහ ගැන කතාවක්.

ප්‍රවීණ ගායන ශිල්පීන් යුවලක් වුන රූකාන්ත ගුණතිලක සහ චන්ද්‍රලේඛා පෙරේරාගේ බාල දියණිය එහෙමත් නැත්නම් රයිනි චාරුකාගේ නංගි වින්ඩි ගුණතිලකත් සනුකත් මේ වෙද්දී පෙම්වතුන් කියන එකනම් දැන් ප්‍රසිද්ධ රහසක්.

විදේශ රටක අධ්‍යාපනය හදාරපු වින්ඩි ඒ වැඩ ටික ඉවර වුන හැටියේම ලංකාවට දුවගෙන අවෙත් මේ හේතුව නිසා කියලා තමයි දන්න අයනම් කියන්නේ. කොහොම වුනත් කලෙක ඉඳන් පෙම්වතුන් වෙලා ඉන්න මේ දෙන්නට දෙන්න ඒ බවක් ප්‍රසිද්ධියේ අඟවන්නේ නැතුව ඉන්න බොහොම අපූරුවට වගබලා ගත්තා. මේ සම්බන්ධය ගැන ගොඩක් අයට රහසක් වෙන්නත් ප්‍රධානම හේතුව වුනේ ඒක.

කොහොම වුනත් මේ ලඟදි ඉඳලා සනුකත් වින්ඩිත් වෙනදට වඩා ටිකක් ප්‍රසිද්ධියේ හැසිරෙන්න පටන් අරගෙන තියනවා. දෙන්නා අතර තියන ආදර සම්බන්ධතාවය ගැන කිසිම දෙයක් තාම එලිපිට කතා නොකලට එකට ගමන් බිමන් යන්නත් ඡායාරූප වලට පෙනී ඉන්නත් දැන් වෙනදා වගේ අදිමදි කරන්නේ නෑ කියලා තමයි ඒවා දැක්කම හිතෙන්නේ.

ඉතින් ඔය විදිහට මේ ළඟදිත් සනුක තමන්ගේ ක්ෂේත්‍රයේ යාලුවෝ වුන මනුරංග විජේසේකර, මිහිඳු ආරියරත්න වගේම මනුරංගගේ බිරිඳත් එකට මුණගැහුණු පින්තූර වගයක් සමාජ මාධ්‍ය හරහා දකින්න අවස්ථාව ලැබුනා. විශේෂත්වය තිබුනේ සනුක මේ ගමනට වින්ඩිවත් සහභාගී කරවාගෙන තිබුන එක.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button