පළකල දිනය : Wed, Apr 3rd, 2019

විදුලි උත්පාදනයට අපුරු විසදුමක්

මේ දවස්වල රටේ හැම තැනම කතා බහට ලක්වෙන්නෙ විදුලි අර්බුදය ගැන. අපේ රටේ ප්‍රධාන විදුලි උත්පාද ක්‍රම අතර තියෙන ජල විදුලිය සහ තාප විදුලි බලාගර කෙරෙහි අපිට තබන්න පුළුවන් විශ්වාසය ගොඩක් අඩුවෙලා තියෙනවා.

මේ දවස්වල හැමෝම එහි ප්‍රතිඵල විඳිමින් ඉන්න කාලයක්. ජල විදුලි බලාගාර වලින් නිෂ්පාදනය කරන විදුලිය රඳා පවතින්නෙ වැස්ස අනුව විතරයි. ලොකු නියඟයක් ආවොත් ජල විදුලි නිෂ්පාදනය අඩාල වී රටටම ලොකු අර්බුදයකට මුහුණ දෙන්න සිද්ද වෙනවා.

කොහොම වුනත් මේ ප්‍රශ්නයට විසඳුමක් ලබා දෙමින් ඉතා අඩු පිරිවැයක් දරමින් මුහුදු ජලයෙන් විදුලි බලය නිෂ්පාදය කිරීමේ නව ක්‍රමවේදයක් අපේම රටේ අයෙකු සොයාගෙන තිබෙනවා. නමින් සෙනරත් බණ්ඩාර වන ඔහුට මෙම තාක්ෂණය හරහා මෙගාවොට් 1 ක් නිපදවීම සදහා වැය වන්නේ රුපියල් මිලියන 25 ක් පමණයි.

සූර්‍ය බලයෙන් මෙගාවොට් එකක් නිෂ්පාදනය කරන්න රුපියල් මිලියන 130 ක් පමණ වැයවෙද්දි, ගල් අගුරු වලින් හදන්න මුලික වියදම රුපියල් මිලියන 400- 500 අතර වැයවෙද්දි රට වටේම මුහුද තියෙන අපිට මේ නව සොයාගැනීමට ක්‍රියාවට නැංවුවොත් ඉතා ලාභදායී විදියට මුළු රටටම කිසිම අර්බුදයකින් තොරව විදුලිය ලබා දෙන්න පුළුවන්.

ඒ නිසා මේ පේටන්ට් එකත් වෙන රටකට විකිණෙන්න කලින් මෙවන් වූ දිරිය මිනිසුන්ට අවශ්‍ය පහසුකම් සළසා දීම බළධාරීන්ගේ වගකීම වනවා.

  • 805
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button