පළකල දිනය : Fri, Apr 5th, 2019

5 ශිෂ්‍යත්වය වෙනුවට 8 ශ්‍රේණියේදී දක්ෂතා හඳුනා ගැනීමේ විභාගයක්

ශිෂ්‍යත්ව වැඩපිලිවෙල අහෝසි කරන්නේ අද හෙට නොවන බවත්, විකල්ප වැඩ පිලිවෙක් සමගින් බවත්, ඒ සඳහා වසර දෙක තුනක් ගතවනු ඇති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කළේ, කඩවත මහාමායා බාලිකා විද්‍යාලයේ නව ක්‍රීඩාගාරය සහිත දෙමහල් ගොඩනැගිල්ලට මුල් ගල තැබීමේ අවස්ථාවට එක්වෙමිනි.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය වෙනුවට 8 ශ්‍රේණියේදී දක්ෂතා හඳුනා ගැනීමේ විභාගයක් පවත්වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනධිපතිතුමා සඳහන් කළේ, තෝරාගත් විෂය ක්ෂේත්‍රයක් ඔස්සේ දරුන්ට ඉහළ අධ්‍යාපනය ලැබීමට නව වැඩපිළිවෙල තුළින් අවස්ථාව උදා වන බවයි.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button