පළකල දිනය : Fri, Apr 5th, 2019

මැලේ හිරගෙදරක අපාදුක් විඳි හොරණ තරුණයා කියන කතාව

‘සනා’ මැලේසියාවේ නම ගිය පොරකි. විවිධ රැකියාවන් කරමින් වීසා නැතිව අවුරුදු ගණනාවක් මැලේසියා රටේ ජීවත් වූ හොරණ කොල්ලෙකි. මැලේසියා ජාතිකයකුගේ ගමන් බලපත‍්‍රයකින් ලෝක වටේ සවාරි ගිය මේ තරුණයාට වැඩි වයසක් ද නැත. අවුරුදු තිස්හතරකි. එහෙත් ඔහු එම වයසට කළ, නොකළ බොහෝ දේ කර ඇත.

අවසානයේ සිංගප්පූරු රටේදී ආරවුලකට පැටලී එරට පොලිසියට කොටු වී දෙරටේම සිරබත් කා වසර පහකට පසු මැලේසියා සිරගෙදරකින් නිදහස් කර මෙරටට පිටුවහල් කර ඇත. දැන් ඔහු සිටින්නේ පැල්මඬුල්ල මිතුරු මිතුරෝ විශෝධන මධ්‍යස්ථානයේය. ඒ මතින් නිදහස්වීමට නොව, ඔහුගේ සිතට නැගෙන අසාමාන්‍ය කෝපය පාලනය කරගැනීමට මනස දියුණු කරගැනීමටය.

පසුගිය දිනක මිතුරු මිතුරෝ විශෝධන මධ්‍යස්ථානයේදී අපට හමු වූ සනා ජීවිත කතාවම අපට කීවේය. පෙළගැසෙන කතාවට අනුව ඔහු ඇති වෙන්න මුදල් හම්බ කර නොසෑහෙන්න දුක්විඳි තරුණයෙකි. මැලේසියාවේ ඔහු ගත කළ රහසිගත ජීවිතය.

මැලේසියා සිරගෙදරකදී විඳින්නට වූ දුක් ගැහැට, එරට සිට කොටි හිතවාදීන් සිංහල තරුණයන් ඝාතනය කර මිනී අතුරුදන් කරන හැටි සහ මැලේසියාවට යන මෙරට ගෑනු කෙළින පිස්සු ගැන හරි අපූරු කතා පෙළක් ඔහු අපට කීවේය. දැන් අපි ඒ කතාව සනාගේ වචනයෙන්ම ඔබට කියන්නේය.

‘‘මට සහෝදර, සහෝදරියො නවදෙනෙක් ඉන්නවා. අක්කලා හතරයි, අයියලා තුනයි, මමයි නංගයි. තාත්තා වෑන් එක හයර් කරලා තමයි අපිව ලොකු මහත් කළේ. අම්මා අපිව හොඳින් බලාගෙන ගේ දොර වැඩ ටික හරියටම කළා. අපිට කිසිම අඩුපාඩුවක් තිබුණේ නෑ. අපි ඉල්ලන ඕන දෙයක් තාත්තා අපිට දුන්නා. සහෝදර, සහෝදරියො සේරම හොඳට ඉගෙනගත්තා. මමත් සාමාන්‍ය පෙළ විභාගය පාස්. ඒත් උසස් පෙළ කළේ නෑ.

මගේ තියෙන දඩබ්බරකමට නරක ඇසුරට වැටුණා. අරක්කු, සිගරට් බී ගෙන ගමේ මිනිස්සු එක්ක රණ්ඩු සරුවල් ඇති කර ගත්තා. මට ඕන වුණේ ගමේ පොර වෙන්න. මා වටේට පිරිසක් හදාගෙන අල්ලපු ගම්වල කොල්ලො සෙට්වලටත් චැලෙන්ජ් කළා. පුංචි කාලේ ඉඳලා මගේ හිතට බයක් කියන දෙයක් ගෑවිලාවත් නෑ. ඒ වගේම පොඩි වැරැද්දටත් හොඳටම කේන්ති යනවා. තරහා ගියාට පස්සෙ මිනිහෙක් මරන්න වුණත් පුළුවන්…’’

‘‘අධ්‍යාපන ගමන නතර කළා කියලා ගෙදර නිකං හිටියේ නෑ. කොල්ලො කිහිපදෙනෙක් සෙට් කරගෙන බිල්ඩින් පේන්ට් කරන්න කොන්ත‍්‍රාත් ගත්තා. ඒ ව්‍යාපාරයත් ජයට කෙරුණා. ඒත් ලැබෙන මුදල අරක්කු සිගරට්වලටම ඉවර වුණා. එහෙම ඉන්නකොට දවසක් අපි අනුරාධපුරයේ වන්දනාවේ ගියා. ඒ ගිහින් ? කොල්ලො සෙට් වෙලා ඉන්නකොට යාළුවෙක් ජොයින්ට් එකක් දික් කළා. වෙරි මතින් මාත් ගංජා උගුරු තුන, හතරක් බිව්වා.

ගංජා මත අරක්කුවල පීලීන් එකට වඩා වෙනස්. ඒ වෙනසට මගේ හිත ඇලූම් කළා. එදා ඉඳලා දිගටම ගංජා බිව්වා. එතකොට මට වයස අවුරුදු දහනවයයි. හොඳට සල්ලි හම්බ කළා. හොඳ හැටි කෑවා බිව්වා. එතකොට මගේ අයියලා කවුරුවත් සිගරට් එකක්වත් බොන්නෙ නෑ. ඒත් මම දවසින්, දවස නරක පැත්තටම යොමු වුණා. දාමරිකකම් වැඩි වුණා. මිනිස්සුන්ට ගහලා පොලිසියත් ගෙදරට හොයාගෙන එන්න පටන් ගත්තා…’’

‘‘2005 අවුරුද්දේ අවුරුදු උත්සවයකදී ඇති වූ ආරවුලක් දුරදිග ගිහින් අල්ලපු ගමටම අපි ගැහුවා. ඒ සිද්ධියත් එක්ක මට ගමේ ඉන්න බැරි තත්ත්වයක් උදා වුණා. ඊට පස්සෙ ඥාති සහෝදරයෙක් මාර්ගයෙන් මැලේසියාවේ ගාමන්ට් එකක වැඩට ගියා. වැඩ ටිකක් අමාරු වුණා. ඒත් කට්ට කාගෙන හිටියා. මාස පහ, හයක් යනකොට මැලේ, දෙමළ භාෂා දෙකම ඉගෙනගත්තා.

පැක්ටි‍්‍රයේ ලොකු ලොක්කන්ගේ හිත් දිනාගෙන හොඳට වැඩ කරගෙන ගියා. එහෙම ඉන්නකොට ලංකාවේ අයියා කෙනෙක් මට හිතවත් වුණා. මිනිහා ඒ රටේ දෙමළ කාන්තාවක් බැඳලා දරුවොත් දෙන්නෙක් හිටියා. පුරවැසිභාවයත් තිබුණා. දවසක් ඒ අයියා මාව එයාගේ ගෙදර එක්කරගෙන ගිහින් පට්ට සැපක් දුන්නා.

අරක්කු, ගංජා, අයිස්වලින් නෑව්වා. මගේ ජීවිතේ පළමුවතාවට අයිස් මත්ද්‍රව්‍ය පාවිච්චි කළේ එදා තමයි. ඒ සියලූම මත්ද්‍රව්‍ය බිව්වට පස්සෙ ඔලූව කරච්චරල් වෙලා හොඳ ෆීලීන් එකේ ඉන්නකොට අයියා මට මැලේසියා කෙල්ලෙකුත් ගෙනත් දුන්නා. එදා ආතල් ලෝකයක්. ඒ රසට ඊළඟ දවසෙත් වැඩ ඇරිලා කෙළින්ම මම ගියේ අයියලාගේ ගෙදර. එදත් හොඳට අරක්කු, අයිස් බීලා නයිට් ක්ලබ් ගියා. කෙල්ලො එක්ක පිස්සු නටනකොට එළිවෙනවා දැනුනෙ නෑ.

ඊළඟ දවසේ වැඩට යන්න ඇඟට පණ නෑ. ඒ අයියා එක්ක ක්ලබ් ගිහින් ෆන් අරගෙන උදේට වැඩට යන්න බැරි වුණා. සමහර දවස්වලට නිවාඩු දාගෙන නයිට් ක්ලබ්වලදී සෙට් වෙන කෙල්ලො එක්ක එහේ මෙහේ ගියා. සතියට දවසක්, දෙකක් නිවාඩු දැම්මා. පැක්ටි‍්‍රයෙන් කේස් ෆයිල් වුණා. දවසක් ගාමන්ට් එකේ ඔෆිස් එකෙන් කතා කරලා මට ලංකාවට යන්න ලෑස්ති වෙන්න කිව්වා. ඒ මොහොතේම මම යාළුවට කතා කරලා සිද්ධිය කිව්වා. එතකොට ඒ අයියා ලංකාවට ඇවිත් හිටියේ…’’

‘උඹ ලංකාවට එන්න එපා. අක්කට කෝල් එකක් දීලා අපේ ගෙදර පලයං…’ කියලා අයියා කිව්වා. ඒ මොහොතේම මම අක්කට කතා කරලා සිද්ධිය කිව්වා. ඒ කියලා පැයක් යන්නත් කලින් අක්කා ඇවිත් මාව ගෙදර එක්කරගෙන ගියා. ඒ අක්කා දෙමළ වුණාට අයියා එක්ක ඉඳලා හොඳට සිංහල කතා කළා. ඒ අක්කාගේ සහෝදරිය නැති වෙලා ළමයි දෙන්නා හැදුණේ අක්කලාගේ ගෙදර.

ලොකු ගෑනු ළමයි දෙන්නෙක්. තාත්තා කුඩු බීලා මාට්ටු වෙලා හිරේ හිටියේ. අක්කලාට හිටියේ කොල්ලො දෙන්නෙක්. ඒ ළමයි දෙන්නා හැදුණේ ලංකාවේ අයියාගේ වයිෆ් ළඟ. ලංකාවේ වයිෆ්ට දරුවො නෑ. ඒ නිසා ළමයි දෙන්නට පණ ඇරලා. මැලේසියාවේ අක්කා ලංකාවට එනවා. ලංකාවේ අක්කා මැලේසියා යනවා. පවුල් ආරවුල් නෑ. ගෑනු දෙන්නා සමාදානයෙන් ජීවත් වුණා…’’

‘‘මමත් මාස දෙකක් විතර ජොබ් එකක් නැතිව අයියලාගේ ගෙදර හිටියා. අන්තිමේ අයියා වැඩ කරපු කොම්පැණියටම ජොයින්ට් වෙලා වැඩ කරගෙන ගියා. කොන්ක‍්‍රිට් මිශ‍්‍ර කරන කොම්පැණියක්. වැඩ පට්ට අමාරුයි. ඒ්ත් මහන්සි වෙලා හොඳට වැඩ කරගෙන ගියා. මාස තුන යනකොට මම සුපවයිසර් කෙනෙක් විදිහට උසස් වුණා. හොඳ පඩියක් ගත්තා. සමහර මාසවල රුපියල් ලක්‍ෂ තුන හොයලා තියෙනවා. හොඳට සල්ලි තියෙනවා.

ගෙදරට දාන්නෙත් නෑ. අයියා එක්ක සෙට් වෙලා ඬේලි බිව්වා. අයිස්, ගංජා, පෙති අරක්කු සේරම ගත්තා. ආතල් අරගෙන ? දෙගොඩ හරියට ගෙදර ආවේ. ඒ්ත් උදේ පාන්දර බුදුන් වැඳලා වැඩට ගියා. ටික දවසක් යනකොට ඔෆිස් එකේ හිටිය තායිලන්ත කෙල්ලෙකුත් සෙට් වුණා. එයත් අයිස් බිව්වා. ඊට පස්සෙ දෙන්නා එක්ක කාමරයක් අරගෙන කසාදයක් නැතිව දීග කෑවා. ලංකාවේදී මම ආදරය කරපු කෙල්ල ටිකෙන් ටික මගෙන් ඈත් වුණා. මමත් අල්ලගන්න ගියේ නෑ. මගේ ජීවිතය මැලේසියාව වුණා…’’

‘‘එහෙම අවුරුදු දෙකක් විතර යනකොට මට උදව් කරපු අයියා හාට් ඇටෑක් එකකින් නැති වුණා. මැරෙනකොට ඒ අයියට අවුරුදු හතළිහක්වත් නෑ. අරක්කු, මත්ද්‍රව්‍ය නිසාම තමයි නැති වුණේ. ඊට පස්සෙ නැවත මම අයියලාගේ ගෙදර නතර වුණා. එහෙම ඉන්නකොට අක්කගේ සහෝදරියගේ ලොකු දුවත් එක්ක ආදර සම්බන්ධයක් ඇති වුණා. මාසයක් යන්නත් කලින් වෙන්න තියෙන හැමදේම වුණා. ඊට පස්සෙ අඹුසැමියන්ම වුණා. ටික කාලයක් ගිහින් ඒක නතර වුණා. ඊට පස්සෙ අක්කා සෙට් වුණා.

අක්කා එක්කත් ලයිසන් නැතිව දීග කෑවා. එහෙම ඉඳලා ඒ සේරම අතහැර දලා ගලූස් කොම්පැණියක වැඩට ගියා. කාමරයක් අරගෙන තනියම ජීවත් වුණා. භාෂාව පුළුවන් නිසා ඕන තරම් ජොබ් තිබුණා. හිටියේ හොරට. රැුවුල වවලා, කරාබු දාලා පච්ච ගහලා මමත් හිටියේ ඉන්දියන්කාරයෙක් විදිහට. ඒත් පොලිසියට මාට්ටු වුණා.

ඒ හැම සැරයකම සල්ලි දීලා බේරුණා. අපේ කොම්පැණියේ වීසා නැති අය ගොඩක් වැඩ කළා. දවසක් එම්බසියෙන් පැනලා සේරම අල්ලගෙන ගියා. මම වතුර ටැංකියට නැඟලා බේරුණා. ඒත් එදායින් පස්සෙ මම ඒ කොම්පැණියේ වැඩ කළේ නෑ. ඒ කිට්ටුවවත් හිටියේ නෑ. ටිකක් දුරකට ගිහින් සවුන්ඞ්ස් කුලියට දෙන පුංචි ආයතනයකට ජොයින්ට් වෙලා වැඩ කරගෙන ගියා. ?ට තමයි වැඩ තිබුණේ. සතියට දවස් හතරයි…’‘

‘ඒ වැඩපළ කරගෙන ගියේ දෙමළ මනුස්සයෙක්. ඒ මනුස්සයා මට වෙනම ගෙයක් අරගෙන දීලා ගමන් බිමන් යන්න බයිසිකලයකුත් අරගෙන දුන්නා. හරිම හොඳ ෆැමිලි එකක්. ඒ අයියාට හොඳ හැඳුනුකම් තිබුණා. පස්සෙ ඒ අයියා හිරේ ඉන්න කුඩුකාරයකුගේ නමට මට පාස්පෝට් එකක් හැදුවා. ඒ හිරේ හිටිය මනුස්සයා මගේ සේෆ් කට්මයි.

අපි දෙන්නව කිසිම කෙනෙකුට අඳුරන්න බෑ. ඊට පස්සේ ඒ අයියලා කොහේද යන්නෙ මාවත් එක්කරගෙන ගියා. ඉන්දියා, සිංගප්පූරු, කැනඩා, තායිලන්ඞ්, ජපන්, සබා, ඕස්ටේ‍්‍රලියා රට සවාරිත් මාව එක්කරගෙන ගියා. තායිලන්ඞ්, සිංගප්පුරු සතියෙන්, සතිය ගියා. ඒ කොම්පැණියට ජොයින්ට්වීමත් එක්ක මත්ද්‍රව්‍යවලිනුත් ඈත් වුණා. සිගරට් එකක්වත් බිව්වේ නෑ.

එහෙම ඉන්නකොට අපේ තාත්තා නැති වෙලා තිබුණා. ඒත් ගෙදරින් මට දැනුම් දුන්නෙ නෑ. තාත්තා නැති වෙලා මාස නවයකට පස්සෙ තමයි මට ආරංචි වුණේ. ඒක මට දරාගන්න බැරි වුණා. සහෝදර, සහෝදරියන් සියලූදෙනාට කතා කරලා බැණලා ෆෝන් නම්බර් හිටන් මකලා දැම්මා. ගෙදර අය එහෙම කරලා තිබුණේ මගේ හොඳට.

මම හොරට ඉන්න විත්තියක් ගෙදරින් දැනගෙන හිටියේ. ඒත් මට තාත්තාගේ මරණයට යන්න බැරිවීම දරාගන්න බැරි වුණා. මම ගෙදර අය අයින් කළා. දුක නැති කරගන්න පරණ මත්ද්‍රව්‍ය වට්ටෝරුව නැවත බිව්වා. සතියක් දෙකක් එක දිගට බිව්වා. අන්තිමේ ඉස්පිරිතාලෙත් ඉඳලා තමයි බීම නතර කළේ. ඊට පස්සෙ මම නැවත ලංකාවට යන්නෙම නෑ කියලා තීරණය කළා.

ඒ එක්කම නැවත ආදර සම්බන්ධයකුත් ඇති වුණා. ඒ මම වැඩ කරපු තැන අයියගේ ඥාති දුවක්. දෙමළ. ඒ වුණාට මට පුදුම විදිහට ආදරය කළා. මොන ජාතිය වුණත් ඒ මිනිස්සු නියම මිනිස්සු. මැලේසියාවේ ඉන්න සමහර ලංකාවේ අය සත්තු වගෙයි. එක සිංහල මනුස්සයෙක් පාස්පෝට් හදා දෙන්න කියලා මගෙන් රුපියල් ලක්‍ෂයක් අරගෙන ගියා. අදටවත් දැක්කෙ නෑ. ඊට පස්සෙ මම යූ. එන්. කාඞ් එක ගන්න ට‍්‍රයි කළා. ලංකාවේ එල්.ටී.ටී.ඊ.කාරයො වැඩිපුරම ඉන්නෙ යූ.එන්. කාඞ් එකෙන්. මම ඉන්ටර්වීව් තුනකට පෙනී ඉඳලා පාස් වුණා. ඒත් මට යූ.එන්. කාඞ් එක දුන්නෙ නෑ. මාත් එක්ක ඉන්ටර්වීව් ගිය දෙමළ කොල්ලො සේරටම කාඞ් එක දුන්නා.

ඒ සිද්ධියෙන් පස්සෙ සිංහල කියන කිසිම කෙනෙක්ව ඇසුරු කරන්නේ නෑ කියලා මම හිතාගෙන හිටියා. ඒත් කවුරුහරි සිංහල කෙනෙක් අනාථ වෙලා ඉන්නකොට මගේ ලේ උණු වෙනවා. මැලේසියාවට ගිහින්න ජොබ් නැතිව, ඉන්න හිටින් තැනක් නැතිව හිටිය සිංහල කොල්ලො, කෙල්ලන්ට අනන්තවත් උදව් කරලා තියෙනවා. ඔය ප‍්‍රසිද්ධ ඒජන්සිවලින් ජොබ් දෙනවා කියලා යවන කෙල්ලො, කොල්ලො මැලේසියාවට බැස්සට පස්සෙ පට්ට අනාථයි. කාත් කවුරුවත් නෑ. දෙනවා කියන රස්සාවකුත් නෑ.

කොල්ලො නම් මොනවහරි මරිසියක් දාලා කොම්පැණියකට ජොයින්ට් වෙනවා. කෙල්ලො ඉතිං ලෙල්ලන් වෙලාම තමයි ජොබ් එකකට යන්නෙ. සමහර පූජකයො ජොබ් දෙනවා කියලා පොඩි ගෑනු ළමයින්ව ගෙනිහින් මාස ගනං ගෙවල්වල තියාගෙන ඉඳලා, ඒ අයත් පාවිච්චි කරලා හිතමිත‍්‍රාදීන්ටත් දීලා තමයි ජොබ් එකකට දාන්නෙ. ප‍්‍රසිද්ධ පූජකයෙක් කෙල්ලො දෙන්නෙක් අරගෙන ගිහින් තියාගන්න තැනක් නැතිව මගේ කාමරයට අරගෙන ආවා. සුපිරි වාහනයකින් ආවේ. මම හිතුවේ ඉන්න තැනක් නැති නිසා නතර කරන්න කියලා. ගරු සරුව මම පිළිගත්තා…‘‘

‘මචං මේ කිට්ටුව චයිනිස් පොට් එකක් තියෙනවද…’ පූජකතුමාගේ ඒ කතාවත් එක්ක මාව උඩ විසි වුණා. ඒ්ත් වෙනසක් පෙන්වන්නෙ නැතිව අපේ ගෙදරට එහා පැත්තෙ තියෙනවා කියලා මම උත්තර දුන්නා…

‘එහේ නම් චුට්ටක් ගිහින් එමු…’ කියලා ගෙයින් දොට්ට බහින්න හදනකොට ‘පැටව් දෙන්නා නාගෙන ඉන්නකො..’ කියලා කෙල්ලො දෙන්නට කිව්වා. ඒ වචන සෙට් එක මට දිරෙව්වේ නෑ. මම එහෙම දෙයක් බලාපොරොත්තු වුණේ නෑ. චයිනිස් එකට ගිහින් පූජකයාම බැහැලා ගිහින් විස්කි බෝතල් තුනයි, හරක් මස්, ඌරු මස් ඩෙවල්. ඉස්සො, කකුළුවො කෑම බීම ගොන්නක් අරගෙන ආවා. ගෙදර සාලේ ස්ටූල් එක උඩින් බඩු ටික තියලා පැටව් නෑවද කියලා ඇහුවා. මට තවත් අවුල්…

මේ ලොක්කා පොඩි වොෂ් එකක් දාගන්න තැනක් තියෙනවද… කියලා මගෙන් ඇහුවා. මම බාත්රූම් එක පෙන්නලා පහළට ගිහින් කේන්තිය නිවෙන්න සිගරට් තුනක් එක දිගට බිව්වා. ඊට පස්සෙ මිනිහා හොඳට කාලා බීලා සප්පායම් වෙලා ඒ කෙල්ලන්ටත් අරක්කු බොන්න දීලා, බොන්නෙ තැනි තැන බියර් බොන්න දීලා ලක ලෑස්ති වෙනකොට මට මාරාවේෂ වුණා. පූජකයාව එළියට අරගෙන ගිහිං වෙරි හිදෙන්න ගැහුවා. කේන්ති නිවෙනකම් ගහලා ඌගේ ඩ‍්‍රයිවර්ට කිව්වා වාහනයට දාගෙන අරගෙන පලයං කියලා.

නුවර කෙල්ලො දෙන්නෙක්. දෙන්නටම අවුරුදු දහනවයයි. හරිම ලස්සනයි. ජොබ්වලට දාන්නම් කියලා තමයි අරගෙන ගිහින් තියෙන්නෙ. පස්සෙ ඒ කෙල්ලො දෙන්නටම මම ජොබ් හොයලා දුන්නා. මාස දෙකක් විතර අපේ ගෙදර නතර වෙලා ඉඳලා වෙන බෝඩිමක් හොයාගෙන ගියා. අන්තිමේ උන් දෙන්නවම බංගලියෙක් තියාගෙන ඉන්නවා කියලා පස්සෙ ආරංචි වුණා.

මැලේසියාවේ ජොබ් කරන ලංකාවේ ගෑනුන්ගෙන් සීයට අනූවක්ම මිනිහෙක් තියාගෙන ඉන්නෙ. වැඩිපුරම බංගලිකාරයො. උන් හොඳට වියදම් කරනවා. අපේ උන්ට ඕනා හොඳට ගරන්න. සමහර කෙල්ලො ජොබ් නැතිව ගණිකා වෘත්තියේ යෙදෙනවා. අපේ ගෑනු සල්ලි හොයන්න ඕන දෙයක් කරනවා. ඒ වගේම අපේ ගෑනුන්ට මැලේසියාවේ ඉහළ ඉල්ලූමකුත් තියෙනවා…’’

‘‘කෙල්ලො අනාථ කරන්න හදනකොට පහර දුන්න පූජකයා මට නොසෑහෙන්න වද දුන්නා. මැලේසියාවේ ඉන්න එල්.ටී.ටි.ඊ.කාරයො දාලා කිහිප සැරයක්ම මාව මරන්න හැදුවා. මම වැඩ කරපු කොම්පැණියේ අයියගේ දැන හැඳුනුම්කම් නිසාම තමයි අදටත් මම බේරිලා ඉන්නෙ. අන්තිමේ ඒ පූජකයාට එහේ ඉන්න බැරි වෙන විදිහට අපි වැඩ කළා. ඒත් එල්.ටී.ටී.ඊ.කාරයන්ගෙන් බේරිලා ඉන්න එක ලේසි පහසු වුණේ නෑ. උන් සිංහල නම කියනවටත් තරහායි. ?කට එහෙම සිංහල කොල්ලෙක් සෙට් වුණොත් ගහලා, ගහලා මරලා දානවා. එහෙම සිද්ධි ගණනාවක් තියෙනවා… ඒක සැරයක් මාවත් ඉස්සුවා.

– තරංග රත්නවීර
(දිවයින)

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button