පළකල දිනය : Fri, Apr 5th, 2019

ශවේන්ද්‍ර සිල්වා කමාන්ඩෝ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී තනතුරට

යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානී මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කමාන්ඩෝ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලෙස පත් කර තිබෙනවා.

ඒ, ඔහු මේ වනවිට අණදෙන නිලධාරී ලෙස කටයුතු කරන ගජබා රෙජිමේන්තුවට අමතරවයි. ගණේමුල්ලේ පිහිටි කමාන්ඩෝ රෙජිමේන්තු මූලස්ථානයේදී යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානී මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අද වැඩ භාරගත්තා.

කමාන්ඩෝ රෙජිමේන්තුව මෙරට කි‍්‍රයාශීලි රෙජිමේන්තුව බවට පත් කිරීම තම අරමුණ බවයි ඔහු වැඩභාර ගනිමින් අද ප‍්‍රකාශ කළේ.

කමාන්ඩෝ නිලධාරීන් යනු වෙනත් පුද්ගලයින්ට සිදුකළ නොහැකි කාර්යයන් ඉටු කරන සුවිශේෂි නිලධාරීන් කණ්ඩායමක්.

ඉදිරියේදී ජනතාව වෙනුවෙන් තවදුරටත් කැපවීමට කමාන්ඩෝ නිලධාරීන් සූදානම් බවද යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානී මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙහිදී වැඩිදුරටත් සදහන් කළා.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button